Ads 468x60px

.

පියා දේවාරූඪයකින් මවට සහ දියණියට පිහියෙන් ඇනලා...

පවුලේ අයට අපල ඇතැයි පවසමින් පිංකමකට පවා සහභාගි වෙලා...
11 හැවිරිදි දරුවා පාසල් ගොස්‌ සිට ඇති නිසා ඔහුගේ ජීවිතය බේරිලා...

බිරිඳ හා තම දියණිය ඝාතනය කළ තිස්‌සමහාරාම ප්‍රදේශයේ පුද්ගලයකු තමාට ද පිහියෙන් ඇනගෙන තුවාල සිදුකරගෙන හම්බන්තොට රෝහලට ඇතුළත් කර තිබේ.

තිස්‌සමහාරාම වීරවිල කුඩා ගම්මාන 7 ප්‍රදේශයෙන් වාර්තා වන මෙම
ඛේදවාචකයෙන් ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ ඡේ. ඒ. පී. නාලනි (32) සහ කේ. එම්. ෂෙහාරා නෙත්මිණි (6) යන දියණියයි. සිද්ධිය වන අවස්‌ථාවේ පවුලේ පුතණුවන් වූ 11 හැවිරිදි දරුවා පාසල් ගොස්‌ සිට ඇති නිසා ඔහුගේ ජීවිතය බේරී ඇත. 

අපරාධය සිදුකිරීමෙන් පසු පිහියෙන් ඇනගෙන ඇති සුනිල් සාන්ත (35) නමැති සැකකරු පළමුව තිස්‌සමහාරාම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව හම්බන්තොට මහ රෝහලට යවා තිබේ.මෙහිදී මියගිය දැරිය වීරහේන කනිෂ්ඨ විද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යාවකි.

සිද්ධිය වන අවස්‌ථාවේ පාසල් ගොස්‌ සිටි දුලර සම්පත් (11) නමැති වීරහේන විදුහලේ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පුතා පාසල් ඇරී නිවසට එනවිට නිවස වසා තිබෙනු දැක ඇත. මවට හා නැගණියට කතා කළත් ශබ්දයක්‌ නොනැගුණු හෙයින් නිවසේ ජනෙල් කවුළුවකින් එබිකම් කර බලද්දී තම මව හා නංගීට විපතක්‌ සිදුව ඇති බව දැක කම්පනයට පත්ව අවට සිටි අයගෙන් පිහිට ඉල්ලා කෑගසා තිබේ. රැස්‌වූ ගම්වාසීන් පන්සලේ නාහිමියන්ට ද සිද්ධිය සැළකර පසුව පොලිසියට දැනුම් දී තිබේ.

පිහියෙන් ඇනගෙන ඇති පුද්ගලයා කලක්‌ හමුදා සේවයේ ද නිරත වූවකු වන අතර ඔහු ඊට පෙර දින තම පවුලේ අයට අපල ඇතැයි පවසමින් පිහිට පතා පිංකමකට පවා සහභාගි වී තිබේ. එහෙත් ඊයේ දහවල් ඔහු මෙම අපරාධය සිදු කළේ කිසියම් මානසික කම්පනයකින් පෙළුණ නිසාද යන්න මෙතෙක්‌ නිශ්චිතව හෙළිවී නැත.

මෙම
ඛේදවාචකයෙන් තම මවගේ සහ නැඟණියගේ ජීවිත මෙන්ම පිය සෙනෙහසද අහිමිව දරාගත නොහැකි වේදනාවෙන් පුංචි පුතා නැඟූ විලාප හඬ සිද්ධිය වූ නිවසට ගිය කාගේත් හදවත් කම්පාවට පත් කරන්නක්‌ විය.
 
Related Posts with Thumbnails