Ads 468x60px

.

ජනාධිපතිවරයාගේ අනුරුවක් ගිනි තැබූ කොටි හිතවාදීන් ජාතික කොඩිය බිම දමා පයින් පෑගුවා...

බිත්තර සහ තක්කාලි වලින් එතුමා ගමන් ගත් වාහනයට දමා ගහලා...
 
නවාතැන් ගෙන සිටින හෝටලයෙන් පිටතට නොඑන ලෙසට ජනාධිපතිවරයාට උපදෙස්....
 
දෙවන එලිසබෙත් රැජිනගේ දියමන්ති ජුබිලියට සහභාගී වීමට ගිය ජනාධිපතිට,කොටි හිතවාදීන්ගෙන් විරෝධතාවන්ට ලක් වීමට සිදු වූ අතර ඒ බව සැලවූ එහි වෙසෙන ශ්‍රී ලාංකිකයින් ජනාධිපතිවරයාට සහාය පළකරමින් කොටි හිතවාදීන් සිටින ඉසව්වෙන් අනෙක් පස ඔවුන්ගේ උද්ඝෝෂනයන් ගෙන ගියා.
 
 
එසේම පොදුරාජ්‍ය මණ්ඩලයීය ආර්ථික සම්මේලනය විසින් බි‍්‍රතාන්‍යයේදී සංවිධානය කෙරෙන ව්‍යාපාරික සමුළුව අමතමින් ජනාධිපතිවරයා පැවැත්වීමට තිබු දේශනයද ඔවුන්ගේ උද්ඝෝෂණ හේතුවෙන් ගිලිහි ගියා. 
 
එවැනි උද්ඝෝෂණ නිසා බි‍්‍රතාන්‍යයේදී දේශනයක් පැවැත්වීමට තිබූ අවස්ථාව ජනාධිපතිවරයාට ඉකුත් 2010 වසරේදීද ගිලිහී ගියා. එම දේශනය පැවැත්වීමට නියමිතව තිබුණේ ඔක්ස්ෆර්ඞ් සංගමය අමතමින්..
 
කෙසේවෙතත් ලන්ඩන් නුවර, පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම් කාර්යාලයේ පැවති දිවා භෝජන සංග්‍රහයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට දෙවන එළිසබෙත් මහ රැජන හමු වූ අතර ස්කොට්ලන්ඞ් යාර්ඞ් පොලිසිය විසින් ජනාධිපතිවරයාට උපදෙස් දී තිබුනේ නවාතැන් ගෙන සිටින හෝටලයෙන් පිටතට පැමිණිමෙන් වලකින ලෙසයි..
 
මන්ද කොටි හිතවාදීන් පෙර අවස්ථාවලට වඩා මෙවර දැඩි ලෙස සංවිධානය වී සිටි අතර වෙනත් රටවලද ඔවුන් මේ  උද්ඝෝෂණයට  සමගාමිව උද්ඝෝෂණ පවත්වා තිබුනා,එසේම යුරෝපයේ නං දෙසින් කොටි හිතවාදීන් මෙයට සහභාගී වූ අතර ජනාධිපතිවරයා ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයට යාමට සිටි ගමනත් අතරමග  නැවතුනේ ඔවුන් බිත්තර සහ තක්කාලි වලින් එතුමා ගමන් ගත් වාහනයට දමා ගැසීම නිසායි.
  
ජනාධිපතිවරයාගේ අනුරුවක් ගිනි තැබූ ඔවුන් ශ්‍රී ලංකා ජාතික කොඩිය බිම දමා පයින් පෑගීමට තරම් දරුණු වී සිටියා.එහෙයින් බ්‍රිතාන්‍ය මාධ්‍ය වල වගේම අනෙකුත් දෙස් විදෙස් මාධ්‍ය වල පවා මෙම සිදුවීම වාර්තා වුනා.
  
ලාංකිකයින් සහ කොටි හිතවාදී උද්ඝෝෂකයින් අතර ගැටුමක් ඇති නොවීමට තරම් ආරක්ෂාවක් ස්කොට්ලන්ඞ් යාර්ඞ් පොලිසිය විසින් සපයා තිබු අතර ඔවුන් ගේ උපදෙස් මෙන්ම අධික ශිතල ද නොතකමින් ජනාධිපතිවරයා උද්ඝෝෂකයින් සමග එක්වු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. 
 
මාතෘ භූමිය වෙනුවෙන් පැවැත්වු උද්ඝෝෂණය තමන්ට මහත් ශක්තියක් වු බව ද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළා. ගොඩනැගෙමින් ඇති රට අනාගත පරපුර වෙනුවෙන් ආරක්‍ෂා කිරීමට තමා  ඕනෑම කැප කිරීමක් කිරීමට සුදානම් බවයි ජනාධිපතිවරයා පැවසුවේ.ත‍්‍රස්තවාදයෙන් මුදාගත් රට යළි උදුරා ගැනීමට වෙනත් කිසිඳු බලවේගයකට ඉඩ නොතබන බවටත් ජනාධිපති මහින්ද රාපක්‍ෂ මහතා යලි ප‍්‍රතිඥා දුන්නා.
 
එහෙත් මෙහිදී සිතා බැලිය යුතු අනෙක් කරුණ නම් එල් ටි ටි ඊ සංවිධානය ,බ්‍රිතාන්‍යයේ තහනම් සංවිධානයක් ලෙස ලැයිස්තු ගත කර තිබියදීත් එරටේම ඇරයුමකින් පැමිණි රාජ්‍ය නායකයෙකුට මේ ආකාරයෙන් සැලකීම යුතු ද යන්නයි ,මන්ද තහනම් කෙරු සංවිධානයක් වෙනුවෙන් කොටි හිතවාදීන් උද්ඝෝෂණ පවත්වද්දී රාජ්‍ය නායකයෙකුට අපහාස කරද්දී රටක ජාතික කොඩිය බිම දමා පාගද්දී බ්‍රිතාන්‍ය බලධාරීන් මුනිවත රැකීමෙන් ගම්‍ය වන්නේ කුමක් ද ? යන්නයි !
 



 
 
 



 
Related Posts with Thumbnails