Ads 468x60px

.

ඇමති පෙම්වතාට දාව කුසට ආ දරු ගැබ අත්හල නිළියගේ කතාව...

මෙඅනුන්ගේ කුණු ගොඩවල් හාරා අවුස්සා මනදොල පිනවීමක් නොවේ...

නිළියක් සිය ඇමති පෙම්වතාට දාව කුසට ආ දරුවා විනාශ කිරීම ගැන මීට පෙර අවස්තාවක හෙළිදරව් කළේ අනුන්ගෙ කුණු ගොඩවල් හාරා අවුස්සා කුණු රස බුදින් වුන්ගේ මනදොල පිනවන්නට නොවේ. 


අප කතා කළේ අද මේ රටේ නිළියන්ය කියන කොට්ඨාශය මුහුණපා සිටින ඛේදවාචකය ගැනය. ඊට විසැදුමක් මේ කාලකන්ණි සමාජ ක්‍රමය තුළ ඇත්තේ නැති බවට වෙනත් තර්කයක්ද නැත. 

එහෙත් මෙම සිදුවීම හා බැදුනු සිදුවීම් මාලාව දෙස විමැසිලිමත් වන්නේ නම් එයම මේ සමාජ ක්‍රමයේ ඇති අසාධාරණ තවත් පැති කඩක් තේරුම් ගැනීමට ප්‍රමාණවත්ය.මේ නිළිය විවාහකය. ඇමතිවරයා හා තම බිරිද අතර පැවැති සම්බන්ධය ස්වාමියා දැන සිටියේය.

විරෝධයක් හෝ අනුබලයක් ඔහුගෙන් නොලැබුණත් ඒ සම්භන්ධයෙන් කරබාගෙන සිටිනවාට වඩා දෙයක් කිරීමට ඔහුට හැකියාවක් තිබුනේ නැත. මන්ද බිරිදගේ අනියම් සැමියා රාජපක්ෂ රජයේ කැබිනට් ඇමතිවරයෙකි. එමෙන්ම කෝටිපති ව්‍යාපාරිකයෙකි. අනෙක් වැදගත්ම කාරණය නම් ඔහුට ආර්‍යාවගේ පාර්ශ්වයෙන් ඇති ළඟ නෑ සබදතාවයය.
සිහිබුද්ධිය ඇති අයෙකු මේ කාලයේ රෙජීමයත් එක්ක හැප්පෙන්න යන්නේ නැත. 

නිතිපතා සුදු වෑන් වලින් පැහැර ගෙනයෑම්, අතුරුදහන් වීම්, ඝාතනයට ලක්වීම්..ඇස්පනා පිට සිදුවෙමින් තිබියදී පෞද්ගලික ජීවිතයේ ඉසුරුබර අනාගතයක් ගැන සිහින ලෝකවල ගැල්වී සිටින වුන් කල්පනා කරන්නේ තමන්ගෙ ජීවිතය ‍රැක ගැනීම ගැනය. එහිදී තම බිරිඳ හෝ සැමියා හෝ පාවාදීමට වුවත් ඔවුන් මැලි වන්නේ නැත.

මේ කතා පුවතේදී පොඩි වෙනසකට ත්තේ මෙය තුන් කොන් ප්‍රේමයක් වීමය. ඇමතිවරයා ද නිළියට අසීමිතව ප්‍රේම කළේය. නිළියව ඇසුරු කළේ අනෙකුත් මැති ඇමතිවරු නිළියන්ව අතින් අත මාරුකරන ගණිකාවන් කර ඇසුරු කරන්නා සේ නොවේ. තමන්ට දාව දරුවකු නිළියගේ කුසට පැමිණ ඇතැයි දැන ගත් විට ඔහු තරම් සතු‍ටු වූ අයෙකු ද නැත. දරුවා වෙනුවෙන් සියලූම විය පැහැදම් දරන්නට ඔහු සූදානම් ව සිටියේය.

එහෙත් නිළියගේ පැත්තෙන් ඇය මුහුණපා සිටි තත්ත්වය අනුව ඇයට දරුවෙකු මේ මොහොතේ අවශ්‍ය වූයේ නැත. මාස කිහිපයක් ඔවුන් අතරවූ ගැ‍ටුමේ අවසන් තීරණය වූයේ දරු ගැබ අත් හැරීමය.එහෙත් දෙන්න දෙමහල්ලෝ ගේ කැමැත්ත තිබුණත් මේ රටේ නීතියේ හැටියට දරු ගැබක් විනාශ කිරීම නීතියෙන් තහනම්ය. ගබ්සාව සම්බන්දයෙන් කවර නීති ක්‍රියාත්මක වුවත් හොර රහසේ ගබ්සාවන් කෙරෙන බව ප්‍රසිද්ධ රහසකි.

දිනකට ගබ්සාවන් දහසකට අධික ප්‍රමාණයක් වන බව ද මේ ගැන කළ සමීක්ෂණ වලදී හෙළිවී තිබේ. මේවා හොර වැඩ වූවද මේවා වැඩි හරියක් කරන්නෙ පිළිගත් වෛද්‍යවරු බව එතරම් ප්‍රසිද්ධ නැති කාරනයකි. බොහෝ විට වැඩ වරද්ද ගන්නේ හොර දොස්තරලාය. නීතිය ක්‍රීයාත්මක කරන්නේ මැයි කියමින් පොලීසිය බොහෝ විට වටලන්නේ ද මේ හොර දොස්තරලාගේ හොර පොට්ය. 

කොළඹ පිහිටි ප්‍රසිද්ධ පෞද්ගලික රෝහල් වල නම් ගබ්සා සැත්කම් කිරීම සාමාන්‍ය දෙයකි. මේවට පොලීසියේ රාලහාමිළාගෙන් කරදරයක් නැත. මන්ද පොලීසිය කියන්නේ සාමාන්‍ය පොදුජනතාවට වද දෙන ආයතනයක් මිසක සල්ලි බාගය තියෙන දේශපාලන හයිය තිබෙන අයට කරදරකරන ආයතනයක් නොවීමය.

ඒ එසේ වුවත් මාස තුනක් පමණ වූ දරු ගැබක් විනාශ කිරීමට මේ සම්බන්ධ පලපුරුදු වෛද්‍යවරයකු පවා දෙවරක් කල්පනා කරයි. මාස තුනක දරු ගැබක් කියන්නෙ පූර්ණව වැඩුණු දරුවෙකි. ඒ විනාශ කිරීම සංකීර්ණ සැත්කමකි. එය මවගේ ජීවිතය කෙරෙහිද බලපායි. 

මේ නිසා නිළියගේ දරු ගැබ විනාශ කිරීම සදහා කොළඹ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක මේ කටයුත්ත සදහා ප්‍රසිද්ධියක් උසුලන විශෙෂක්ග්න වෛද්‍යවරයකුගේ සහය ගන්න ඇමතිවරයා පියවර ගත්තේය. ඒ ඔහුට අපහසු වූයේ නැත. ඒ වෙනුවෙන් ඕනෙම මිලක් ගෙවන්නට ද ඔහු සූදානම්ව සිටියේය.

නීතිය කිසි සේත්ම ගැටලුවක් වූයේද නැත. එහෙත් මේ කටයුත්ත ලොවට හොර රහසේ වූ නීති විරොධී කටයුත්තක් වූයේ නැත.නීති විරෝධී වූවද රටේ නීතිය ක්‍රියාත්මක කරන ඉහළම තැන පවා මේ කතාවේ අලගිය තැන් මුලගිය තැන් සියල්ල දැන සිටියේය. ඒ ඇමතිවරයා විසින් තමාගේ දරුවා නැති කරන්නට නිළිය තීරණය කරන්නට වී තිබීම ගැන වූ කරදරය ඉහළම තැනට කියන්නට සිදුවීම නිසාය. ඒහෙත් ඒ සුදු වෑන් එකක් එවනවා කියා විසැදිය හැකි ප්‍රශ්නයක් වූයේ නැත.

නිළියව අවුරුදු කිහිපයකට විදෙශ ගත කර තබන්නට ඇමතිවරයා ගත් උත්සහයද නිළිය ප්‍රතික්ෂේප කිරීම නිසා ඇමතිවරයා සිටියේ දුකෙනි. ඔහු තමාගේ දුක ස්වාමියා ඉදිරියේ ප්‍රකාශ කළේ හැඬු කඳුළින් යුතුවය. ඒහෙත් ඇමතිවරයාගේ කැමැත්තද සහිතව අවසන් තීරනය වූ ගබ්සාව කරන විට රටේ නීතිය රකින්නට ප්‍රතික්නා දුන් වුන්ද මේ නීතිවිරෝධී කටයුත්ත දැන සිටියේය.

මේ ප්‍රශ්නය මානුෂික ප්‍රශ්නයක් බව හැබවි. මෙවැනි ප්‍රශ්න වලට මේ සිංහල බෞද්ධ රටේ මානුෂික උත්තර ලැබේන්නේ නැත. ගබ්සාව නීති විරෝධීය , සදාචාර විරෝධීය, .බෞද්ධ විරෝධීය. එහෙත් ඒ බල පවත්වන්නේ නැති බැරි එකාට පමණි. නීතිය ඉදිරීයේ සියලු දෙනාම සමානයෝ යයි කියන්නේ වරප්‍රසාදිත කොටස අත්හැරය. 

ඔවුන්ට නීතිය බල පවත්වන්නෙ උන්ගේ පැවැත්ම වෙනුවෙන් පොදු ජනතාව පෙලන්නට අවශ්‍ය වන විට පමණි. රටේ නීතියක් රීතියක් සධාරණව ක්‍රියාත්මක වූයේ නම් මේ වන විට නිළියත්ඇමතිවරයාත් වෛද්‍යවරයාත් සිටිය යුත්තේ පොලිස් අත් අඩංගුවේය.

එහෙත් ඇමතිවරයා තමා යටතේ වන ආයතන වල නිළධරින්ට මුන් ඔක්කොම දූෂිතයි යනුවෙන් චණ්ඩි පාට් දමමින් සිටී.නිළිය ඊළඟ නට්‍යයේ තිරපිටපත කියවමින් විවේක සුවයෙන් ගෙදරය. දොස්තර සල්ලි මිටියක් සාක්කුවේ දමාගෙන තවත් ගබ්සාවකය.

අවසන් වශයෙන් මේද කිව යුතුය. ඒ මේ රටේ ගබ්සාව නීතිගත කොට තිබුණේ නම් අපට මේ සටහන තබන්නට හැකිවන්නේ නැති බවය.

ප‍්‍රසිද්ධ ටෙලි නිළියක් දරු ගැබක් ඉවත් කරවා ගැනීමට පෙරැත්ත කරලා 

ප‍්‍රසිද්ධ ටෙලි නිළිය දරු ගැබක් ඉවත් කරයි - ඇමතිවරයා සිත් තැවුලෙන්

 


 
 
Related Posts with Thumbnails