Ads 468x60px

.

නිසි සැලකිල්ලක් නොමැතිකමින් කැළණි ගඟේ දුම්රිය මාර්ගය විශාල මුදල් නාස්තියක්...

මෙහි දිග මීටර් 275 වනවා...
සර 03 ක වගකීම් කාලය ද මේ වන විට ඉක්ම ගිහින්ලු...
 
කැළණි ගඟ හරහා ඉදිකර ඇති දුම්රිය මාර්ගයක් වසර 04 ක පමණ කාලයක් ගතව ඇතත් විවෘත කර නොමැති බව අනාවරණය  වෙනවා. 
 
දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ අදාල ඉදිකිරීම කළ  ඕස්ටේ‍්‍රලියානු සමාගමේ වසර 03 ක වගකීම් කාලය ද මේ වන විට ඉක්ම ගොස් ඇති බවයි.
 
ඕස්ට්‍රේලියන් සමාගම විසින් දුම්රිය මාර්ග 05 තනා ඇති අතර ඒ සඳහා රුපියල් බිලියන 1.8 ක මුදලක් වැය වී තිබෙනවා . ද්විත්ව දුම්රිය මාර්ගයක් ලෙස කැළණි ගග හරහා ඉදිකර ඇති මෙම දුම්රිය මාර්ගය, ශ්‍රී ලංකා රේල්ලුව විසින් ගඟක් හරහා ඉදිකළ දිගම දුම්රිය මාර්ගයද වනවා .මෙහි දිග මීටර් 275 වනවා  . 
 
අදාල දුම්රිය මාර්ගය සඳහා යොදා ගැනෙන ඔරුගොඩවත්ත ගොඩබිම් ප‍්‍රදේශයේ පදිංචිකරුවන් අධිකරණ නියෝගයක් මත මීට වසර 03 කට පමණ පෙර ඉවත් කෙරුණා. එහෙත් මේ වන විට දිස්ත‍්‍රික් ඉංජිනේරුවරයෙකුගේ මැදිහත් වීමෙන් ජනතාව යළි අනවසරයෙන් පදිංචි වී සිටිනවා. මේ තත්ත්වය යටතේ අදාල මාර්ගය ද්විත්ව දුම්රිය මාර්ගයක් ලෙස භාවිත කිරීමට නොහැකි බවයි වාර්තාවන්නේ.
 
දුම්රිය දෙපාර්තමේන්තුවේ නිසි සැලකිල්ලක් නොමැතිකමින් අදාල දුම්රිය මාර්ගය කැළණි ගඟ හරහා ඉදිකර තිබියදීත් ප‍්‍රයෝජනයට නොගෙන තිබීම විශාල මුදල් නාස්තියක් බවයි එහි සේවකයින් ද පෙන්වා දෙන්නේ.
 
සිදුව ,ජා ඇල,පින්වත්ත ,කළුතර ඕස්ට්‍රේලියානු සමාගම ඉදිකළ අනෙකුත් දුම්රිය පාලම් වන අතර මෙම කැලණිය දුම්රිය මාර්ගය හේතුවෙන් මාර්ගය තදබදයටද විසදුමක් ලැබෙනවා.එහෙත් මෙය විවෘත කර නොතිබීම හේතුවෙන් ඒ සියලුම අවස්ථා ඇහිරී ගොස් තිබෙනවා.
 
Related Posts with Thumbnails