Ads 468x60px

.

හම්බන්තොට සිට රැගෙන එන වාහනයකින් 50,000කින් වාහනයේ මිල ඉහල යනවලු...

වාහන රැගත් පළමු නෞකාව ඊයේ හම්බන්තොට වරායට සේන්දු වෙයි...

 හම්බන්තොට වරාය පසුකර යන නැව් 400න් දිනකට නැව් 4 ක් වත් එන බව උපකල්පනය කරමින් ඉදිකළ හම්බන්තොට වරායට නැව් පැමිණීමක් නොමැති නිසා චීනයෙන් ගත් මුදල්වලට අධික පොලී ගෙවීම් කරමිනුයි මෙතෙක් එම වරාය නඩත්තු කරමින් පවත්වාගන ගියේ.

2011 වසරේ විවෘත කළ හම්බන්තොට වරායට නැව් නොපැමිනීම හේතුකොටගෙන මැයි මස 31 වන දින සිට ක‍්‍රියාත්මක වන පරිදි කොළඹ වරායට පැමිනෙන වාහන රැගත් නැව් හම්බන්තොර වරායට යා යුතු බව අප්‍රේල් 3 වෙනිදා නිවේදනය කිරීමෙන් පසු වාහන රැගත් පළමු නෞකාව ඊයේ හම්බන්තොට වරායට සේන්දුවුණා.

ජපානයේ සිට ආ එම ෆ්‍රිෂියා නෞකාවෙන් වාහන 15ක් රැගෙන පැමිණි අතර හම්බන්තොට වරායෙන් ගොඩබෑ පළමු භාණ්ඩ තොගය එය වෙනවා. නාමල් රාජපක්ෂ මහතාද මෝටර්ක් රථය පදවාගන නෞකාවෙන් එළියට පැමිණියා.


ඉන්පසු ඊයේ දවල් ඉන්දියාවේ චෙන්නායි වරායේ සිය පැමිණි "ඒෂියන් සන්" නෞකාව වාහන 998ක් රැගෙන පැමින තිබෙන අතර ඒවා ලබන 15 වෙනිදා ඇල්ජීරියාවට ප්‍රති අපනයනය කිරීමට නියමිතයි.

මැයි 31වනදා සිට ක්‍රියාත්මක මෙම තීරණය අනුව හම්බන්තොට වරායේ සිදුවන ගොඩබෑම් සඳහා වරාය ගාස්තුවක් අය නොකරීමටද රජය තීරණය කර තිබෙන්නේ වරාය අධිකාරියට ලැබෙන මුදල් අහිමිවී ගියද හම්බන්තොට වරායට නැව් පැමිනෙනු දැකිය හැකි නිසා බැවිනි.

නැව් ගෙන්වාගැනීමේ උත්සාහයක් වශයෙන් පසුගිය මාර්තු 30 වනදා හම්බන්තොට වරාය, ආයෝජන මණ්‌ඩල නීති රිති හා රෙගුලාසිවලින් නිදහස්‌, රේගු බදු වලින් හා විනිමය පාලන කොන්දේසිවලින් තොර නිදහස්‌ වරායක්‌ බවට පත් කිරීම සදහාවූ මුදල් පනතක්‌ පාර්ලිමේන්තුවේදී සම්මත කරගනු ලැබුවා.

එබැවින් මෙම භාණ්ඩ ගොඩ බෑමෙන් වරාය අධිකාරියට වාසියක් නොමැතිවා වගේම වාහන ආනයන කරුවන්ටද අමතර වියදමක් දැරීමෙට සිදුවන්නේ ඒවා නුවර -කොළඹ-කුරුණෑගල වැනි වාහන වැඩිපුර විකිණෙන ප්‍රදේශ වලට රැගෙනයාමට අමතර වියදමක් දැරීමට වන නිසාය.

මේ අනුව හම්බන්තොට සිට රැගෙන එන වාහනයකින් රු. 50,000ක පමණ මුදලකින් වාහනයේ මිල ඉහල යන බවයි පසුගියදා අනුර කුමාර මංත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ.


 




 
Related Posts with Thumbnails