Ads 468x60px

.

ලෝක විනාසය මෛත‍්‍රිපාල සිරිසේනගේ ඇසින්...

අර පහුගිය කාලේ සුනාමි වෙලාවෙ ඉතිපිසෝ ගාථාව කියාගෙන හිටියෙ...
 
මායාවරුන්ගේ දින දසුන අනුව 2012 වසරේ දී ලෝක විනාශය සිදුවන බවට මීට පෙර වාර්තා පළ වුණා.ඊට හේතුව ලෙස මායාවරුන් පෙන්වා දෙන්නේ ඔවුන්ගේ දින දසුන වසර 2012 දී අවසන් වීමට නියමිත බවයි. 
 
එහෙත් මෑතක දී සොයා ගැනුණු මායාවරුන්ට අයත් දින දසුනකට අනුව ලෝක විනාශය කල් යනු ඇති බවට මත පළ වුණා. ඒ අනුව අනාවැකිකරුවන් ප‍්‍රකාශ කළේ ලෝක විනාශය වසර 2300 දක්වා ඈතට දිව යනු ඇති බවයි.
 
කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය මෛත‍්‍රිපාල සිරිසේන පවසන්නේ ශ‍්‍රී ලංකාවේ සහ ඉන් පිටත සිදුවන සිදුවීම් නිරීක්ෂණය කිරීමේ දී ලෝක විනාශය නුදුරේදීම සිදුවන බවට තමන්ට ද හැගී යන බවයි.
 
ආපදා කළමනාකරණ අමාත්‍යාංශය විසින් සංවිධානය කර තිබූ උත්සවයකට පොළොන්නරුව ප‍්‍රදේශයේ දී එක්වෙමිනුයි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ..
 
“දැන් පහුගිය මාස ගානක් මේ රටේ දැක්ක දේවල්  සහ අහපු දේවල් වලටයි ,රටින් පිට සිද්ධ වෙන දේවල් බලපුවමයි ලෝක විනාසය ටිකක් ලංවෙලා වගේ කියලා තමයි මට නම් පෙන්නේ …
 
ඒ නිසා ලෝක විනාසය අවොත් මේ එකක්වත් හරියන්නේ නැහැ,අපි අහල තියෙන විදියට ..අපේ රටේ සාමාන්‍ය භාෂාවේ සුනාමි කියන වචනය වත් තිබුනේ නැහැ..2004 සුනාමියෙන් පස්සේ තමයි ඒක ඇතිවුනේ ..පහුගිය දවස්වල යන්තම් තමයි මමත් බේරිලා ආවේ..
 
දැන් අර පහුගිය කාලේ සුනාමි ප්‍රශ්නයක් ආවේ … මම එදා හිටියේ මාලදිවයිනේ..ඉතින් මාලදිවයිනේ කොහේ දුවන්නද …කොහේ යන්නද ..නගින්න ගහක් තියෙනවද …යන්න ගොඩබිමක් තියෙනවද ..ඉස්සරහින් බැලුවත් මුහුද …පස්සෙන් බැලුවත් මුහුද …ඉතින් අපි රටවල් 9 ක සාක් ඇමතිවරු හිටියා..
 
ඉතිපිසෝ ගාථාව කියාගෙන හිටියා ඉතින් වෙන මොනවා කරන්නද …අහවල් දෙයක්යැ..අපිට මාලදිවයින් රජයෙන් කිව්වා බයවෙන් එපා සුනාමිය එනවනම් නැවක දාල මුහුද මැද්දට අපිව අරන් යනවා එතකොට ප්‍රශ්නයක් නෑ කියලා ..කෙසේවෙතත් නැව් නගින්න වුනේ නෑ සුනාමිය ආපු නැති හින්ද ..මේ හැමදේම බලපුවම ඒකයි කිව්වේ ලෝකවිනාසය දිහා තමයි බලාගෙන ඉන්න සිද්ධවෙලා තියෙන්නේ කියලා …”
 
තමන්ට විදින්න සිද්ධ වුනු අත්දැකීමත් එක්ක ඇමති මෛත්‍රිපාල සිරිසේන මහතාටත් ලෝක විනාසය ගැන සිහිගැන්වුනු අවස්ථාව තමයි ඒ 
 
 
Related Posts with Thumbnails