Ads 468x60px

.

එල්ටීටීඊ එමිල්කාන්තන් ‘මවුබිමට’ මුදල් ආයෝජනය කරලා...

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටිරාන් අලස් මහතාට මවුබිම පුවත්පත ආරම්භ කිරීම හා එය පවත්වාගෙන යෑම සඳහා එල්ටීටීඊ සංවිධානයේ ව්‍යාපාරික ජාලයේ ප‍්‍රබලයකුව සිටි එමිල්කාන්තන් මහතා රුපියල් කෝටි ගණනක මුදලක් ආයෝජනය කර ඇතිබව මේ වනවිට තහවුරු වී ඇතැයි රාජ්‍ය බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙක් අප වෙත පැවසීය. 


මේ පිළිබඳ සියලූ තොරතුරු රාජ්‍ය බුද්ධි අංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ජනාධිපතිවරයා වෙත දැනුවත් කර ඇති අතර, ඒ අනුව ඊට අදාළ සියලූ ලිපි ගොනු ජනාධිපතිවරයා විසින් තම සන්තකයට ගෙන තිබේ.

ටිරාන් අලස් මහතා පසුගිය දා ලන්ඩනයට ගිය අවස්ථාවේදී එමිල්කාන්තන් මහතා සමඟ නවාතැන්ගෙන සිට ඇති බවත්, එම වකවානුවේ ලන්ඩනයට ගොස් සිටි නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයාද ඔවුන් දෙදෙනා හමුවීමට ගොස් ඇති බවත්  එම නිලධාරියා සඳහන් කළේය.

අනතුරුව, මවුබිම පුවත්පත් ආයතනයට නවීනතම මුද්‍රණ යන්ත‍්‍රයක් මිලදී ගැනීම සඳහා ටිරාන් අලස් මන්ත‍්‍රීවරයා සහ එමිල්කාන්තන් මහතා ප‍්‍රංශයට ගොස් තිබේ. ශ‍්‍රී ලංකාව තුළ මෙතෙක් භාවිතා කර නොමැති අති නවීන පන්නයේ එම මුද්‍රණ යන්ත‍්‍රය සඳහා අත්තිකාරම් මුදල් ගෙවා ඇත්තේ එමිල්කාන්තන් මහතාය.

එමිල්කාන්තන් මහතා සමඟ ඇති කර ගත් මිත‍්‍රත්තවය තුළ උතුරු නැගෙනහිර ප‍්‍රදේශයේ හි ජංගම දුරකතන ඒකාධිකාරය හිමිකර ගත් අලස් මහතා, එයින් ලද ආදායමේ හරි අඩක්ම එමිල්කාන්තන් මහතා වෙත ලබා දී තිබිණි.

2005 ජනාධිපතිවරණ සමයේ දී එකී ව්‍යාපාරික මිත‍්‍රත්තවය මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග‍්‍රහණය සඳහා යොදා ගත් ටිරාන් අලස් මහතා, උතුරු නැගෙනහිර ඡුන්දය වර්ජනය කිරීම සඳහා යැයි කියමින් බැසිල් රාජපක්ෂ මහතාගෙන් රුපියල් කෝටි ගණනක අත්තිකාරම් මුදලක් එමිල්කාන්තන් මහතා වෙත ලබා දී තිබිණ. එම මුදල්වලින් කොටසක් ඔවුන් දෙදෙනා විසින් බෙදා ගත් බව පසුව වාර්තා වී තිබිණ.

ටිරාන් අලස් මහතා සමඟ එක් වී ව්‍යාපාරික කටයුතු සිදු කර එමිල්කාන්තන් මහතා එකී මුදල් ඉන්දියාවේ චිත‍්‍රපට කර්මාන්තයට සහ සංගීත තැටි නිෂ්පාදනයට මහා පරිමාණයේ යොදවා තිබේ. එමිල්කාන්තන් මහතා එල්ටීටීඊ සංවිධානය හරහා උපයාගත් රුපියල් කෝටි ගණනක ධනස්කන්ධයක් මේ වනවිටත් ඉන්දියාවේ සහ යුරෝපයේ ව්‍යාපාරික කටයුතු සඳහා ආයෝජනය කර තිබේ. 


රාජ්‍ය බුද්ධි අංශ සඳහන් කරන පරිදි අලස් මහතාද එම ව්‍යාපාරවල කොස්කරුවෙකි.ටිරාන් අලස් මහතා, එමිල්කාන්තන් මහතා වෙනුවෙන් පිටකෝට්ටේ ප‍්‍රදේශයේ කෝටි ගණනක් වටිනා නිවසක් මිලදී ගෙන එය එමිල්කාන්තන් මහතාගේ මව වෙත පවරා දී ඇත.

- ධම්මික විජේසිංහ 
 
Related Posts with Thumbnails