Ads 468x60px

.

සිකුරු සංක‍්‍රාන්තියේ උපරිම අවස්ථාව ( Photo )

7.03ත් පෙ.ව. 10.21ත් අතර කාලයේදී ලබාගත් ඡායාරූප...

ඉතා දුලභ තාරකා විද්‍යාත්මක සිදුවීමක් වන සුර්යයාගේ මතුපිට හරහා සිකුරු ග‍්‍රහයා ගමන් කිරීම හෙවත් ‘සිකුරු සංක‍්‍රාන්තිය ශ‍්‍රී ලංකාවාසීන්ට දැක ගත හැකි වූ අතර එය නාලන්දා විද්‍යාලයීය තාරකා විද්‍යා සංගමය විසින් ඡායාරූප ගතකරනු ලැබිණි.


සිකුරු ග‍්‍රහලෝකය පෘථිවියේ සිට බලන විට සූර්යයා ඉදිරියෙන් සූර්යයාගේ මුහුණත හරහා ගමන් කිරීම සිකුරු සංක‍්‍රාන්තිය ලෙස හඳුන්වන අතර මෙය ශතවර්ෂයකට දෙවරක් පමණක් සිදුවන විරල සිදුවීමක් සේ සැලකේ.

මෙම ශතවර්ෂයේ පළමු සිකුරු සංක‍්‍රාන්තිය 2004 වර්ෂයේ දී සිදු වූ අතර අවසන් සිකුරු සංක‍්‍රාන්තිය අද (06) දින සිදු විය.අද සිදුවූ මෙම සිකුරු සංක‍්‍රාන්තියේ දී පෘථිවියේ සිට බලන විට සිකුරු ග‍්‍රහලෝකය සූර්යයාගේ උතුරු අර්ධගෝලයෙන් සූර්යයාගේ මුහුණත හරහා යාම නිරීක්ෂණය කළ හැකි විය.

මෙය පියවි දෙනෙතින් නැරඹිය නොහැකිවූ අතර එය නරඹනු ලැබුවේ සූර්‍ය ආවරණයක් යොදා ගිනිමිනි.නාලන්දා විදුහල් තාරකා විද්‍යා සංගමය විසින් සංවිධානය කරන ලද විශේෂ වැඩසටහන ඔස්සේ එම විදුහලේ සිසුන් හා එහි ගුරුභවතුන්ට ද මෙම දුලබ අවස්ථාව දැක ගැනීමට හැකිවී තිබේ.

පහත ජායාරූප සිකුරු සංක‍්‍රාන්තියේ උපරිම අවස්ථාව සටහන්වූ පෙ.ව. 7.03ත් පෙ.ව. 10.21ත් අතර කාලයේදී ලබාගත් ඒවා වේ.








ජායාරූප අනුග‍්‍රහය කොළඹ නාලන්දා විදුහල් තාරකා විද්‍යා සංගමය.
 
Related Posts with Thumbnails