Ads 468x60px

.

ගම්බද ප‍්‍රදේශවල මත්පැන් හල් ඇරඹිය යුතුයි – ඇමති ෆීලික්ස්...

නීත්‍යානුකූල මත්පැන් සැල් ඇරඹීමෙන්  කසිප්පු වැනි බීම වර්ග අඩුකර ගත හැකියි...

ග‍්‍රාමීය ජනතාවට විඩාව සංසිඳුවා ගැනීමට මත්පැන් බිඳක් පානය කිරීමට ඉඩ සැලසෙන පරිදි ගම්බද ප‍්‍රදේශවල මත්පැන් හල් ඇරඹිය යුතු බව සමාජ සේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා පවසයි.


ඔහු ඒ බව පැවසුවේ බදු සංශෝධන සඳහා ගෙන එනු ලැබූ ගැසට් නිවේදන සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති විවාදයකදී  යි.


‘මෙසේ නීත්‍යානුකූල මත්පැන් සැල් ඇරඹීමෙන්  ගම්බද ප‍්‍රදේශවල නීත්‍යානුකූල නොවන කසිප්පු වැනි බීම වර්ග අඩුකර ගත හැකියි. අද ගමේ අය විඩා නිවා ගැනීමට මත්පැන්  බිඳක් පානය කරනවා. නමුත් ඒ අය ඒ අවශ්‍යතාවය සපුරාගන්නේ කසිප්පු වැනී බීම වර්ගවලින්. නීත්‍යනුකූල මත්පැන් අලෙවිසැල් ඇරඹුවහොත් මේ තත්වය මඟහරවා ගත හැකියි’ 

යනුවෙන්ද අමාත්‍යවරයා පවසා සිටියා.

කෙසේවෙතත් රටම දන්නා පරිදි ජනාධිපතිතුමාගේ මතට තිත සංකල්පයට මෙය කොතෙක් දුරට අදාළ වේ දැයි සිතා බැලිය යුතු කරුණකි.
 
Related Posts with Thumbnails