Ads 468x60px

.

සියවසේ අවසන් සිකුරු සංක්‍රාන්තිය හෙටයි


සිකුරු සංක්‍රාන්තිය නැරඹීම සඳහා ප්‍රමිතියකින් තොර ආවරණ වලින් අන්ධභාවයට පත්විය හැකියි...

මෙම සියවසේ අවසන් සිකුරු සංක්‍රාන්තිය හෙට ශ්‍රී ලංකාවාසීන් ඇතුළු ලෝකවාසීන්ට දැකබලා ගැනීමේ අවස්ථාව උදා වේ.

ඒ අනුව ශ්‍රි ලංකාවසීන්ට හෙට දින හිරු උදාවේ සිට පෙරවරු 10.21 දක්වා වු කලය තුළ සිකුරු ග්‍රහයා සම්පූර්ණයෙන්ම සූර්යාගේ මතුපිට පෘෂ්ඨය හරහා ගමන් කිරීමේ විරල සංක්‍රාන්තිය නැරඹිය හැකිය.

එහිදී හිරු මතුපිටින් කළු පැහැති බෝලයක් ගමන්කරන ආකාරයෙන් මෙම සංක්‍රාන්තිය දැක ගත හැකි වනු ඇති.

සිකුරු සංක්‍රාන්තිය නැරඹීම සඳහා ප්‍රමිතියකින් තොර ආවරණ , පියවි ඇස , ප්‍රිස්ම දෙනෙත හෝ දුරේක්ෂ භාවිතය නුසුදුසු බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න අවධාරණය කර සිටී.

ඔහු වැඩිදුරටත් පවසන්නේ, එම ක්‍රම භාවිතයෙන් අන්ධභාවයට පත්විය හැකි බැවින් සංක්‍රාන්තිය නැරඹීමට ආරක්ෂිත ක්‍රම අනුගමනය කළ යුතු බවයි.

ඒ අනුව ප්‍රිස්ම දෙනෙතියක් හෝ දුරේක්ෂයක් භාවිතයෙන් තිරයක් මතට සූර්ය ප්‍රතිබිම්භය ප්‍රක්ෂේපනය කිරීම හෝ වෙල්ඩින්කරුවන් භාවිත කරන නො. 14 අංකය යෙදූ ඇස් ආවරණ කණ්ණාඩි භාවිතය මගින් මෙම සංක්‍රාන්තිය නැරඹීම සුදුසු වේ.

කිසිදු හේතුවක් මත සංක්‍රාන්තිය නැරඹීම සඳහා එක්ස් රේ කිරණ භාවිත නොකළ යුතු බව ආතර් සී ක්ලාක් ආයතනය අවධාරණය කර සිටී.

ශත වර්ෂයකට දෙවරක් පමණක් සිදුවන සිකුරු සංක්‍රාන්තියේ පළමු සංක්‍රාන්තිය 2004 වසරේදී සිදු වු අතර යළි එවැනි සිකුරු සංක්‍රාන්තියක් සිදුවන්නේ 2117 සහ 2125 යන වසරවලදීය.

ඒ අතර ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ සිකුරු සංක්‍රාන්ති නිරීක්ෂණ කඳවුර ත්‍රිකුණාමලය නිලාවැලි මුහුදු තීරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එම ආයතනය පවසයි.




සිකුරු සංක්‍රාන්තිය පියවි ඇසින් බැලීම අනතුරුදායකලු

සිකුරු සංක්‍රාන්තියට තව දින 09 යි

සිකුරු සංක්‍රාන්තිය පෘතුවියේ සිට දැක ගන්නට ලැබෙන අවසාන අවස්ථාව

 
Related Posts with Thumbnails