Ads 468x60px

.

ජනපතිට මහ රැජිනගේ දියමන්ති ජුබිලියට ආරාධනා කිරීමෙන් වලකින ලෙසට පෝස්ටර් ව්‍යාපාරයක්

ජනපතිට එරෙහිව පෝස්ටර් ව්‍යාපාරයක්...
අග‍්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන් වෙත පෙත්සම් රැසක්...

බි‍්‍රතාන්‍ය එලිසබෙත් මහ රැජිනගේ දියමන්ති ජුබිලියට ශ‍්‍රී ලංකා ජනාපති මහින්ද රාජපක්‍ෂ මහතා සහභාගී වීමට විරෝධය පෑමට ගෝලීය ද්‍රවිඩ සංසදය හා කොටි හිතවාදී සංවිධාන එරට අග‍්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන් වෙත පෙත්සම් රැසක් යවා ඇත.


තවද ඔවුන් විසින් ජනපතිට එරෙහිව පෝස්ටර් ව්‍යාපාරයක්ද ආරම්භකොට තිබු අතර එහිදී ඔවුන් සඳහන් කර තිබුනේ ජන ඝාතකයෙකුට මෙවන් උත්සවයකට ආරාධනා කිරීමෙන් වලකින ලෙසය.


එම උත්සවය සඳහා සහභාගී වීම සඳහා ජනාධිපතිතුමා පසුගිය 03 වනදා එංගලන්තය බලා පැමිණි අතර එම අවස්ථාවේ එයට විරෝධය පෑමට උද්ඝෝස්හනද සංවිධානය කොට තිබුණි.

ජනාධිපතිතුමා ලන්ඩනයේ සංචාරය කරන කාලය තුළ දී බකිම්හැම් මාලිගාවේ පැවැත්වෙන පිළිගැනීමේ උත්සවයට හා විවිධ ප්‍රසංගයකට ද, ශාන්ත පෝල් දේවස්ථානයේ පැවැත්වෙන ස්තුති දේව මෙහෙයකට ද, ගිල්ඩාල් හි පිළිගැනීමේ උත්සවයකට හා පොදු රාජ්‍ය මණ්ඩලයීය මහා ලේකම් කමලේෂ් ෂර්මා මහතා විසින් මහ රැජණ වෙනුවෙන් පවත්වනු ලබන දිවා භෝජන සංග්‍රහයකට ද සහභාගී වීමට නියමිතය. 



දියමන්ති සැමරුම මැද පිලිප් කුමරු රෝහල්ගත කෙරේ ...

බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබත් මහ රැජිණගේ පදවි ප්‍රාප්තියට වසර 60ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන සමරු උත්සව මැද එඩින්බරෝ ආධිපාදතුමන් රෝහල්ගත කර තිබේ.

මුත්‍රාශයේ අසාදනයක් හේතුවෙන් රෝහල්ගත කෙරුණු එඩින්බරෝ ආධිපාදතුමන්ට ඉදිරි සැමරුම් උත්සව සඳහා සහභාගී වීමට නොහැකි වනු ඇතැයි, බීබීසි ලෝක සේවය පවසයි.

බ්‍රිතාන්‍ය එළිසබත් මහ රැජිණගේ ස්වාමි පුරුෂයා වන 90 හැවිරිදි පිලිප් කුමරු වින්සර් මාළිගයේ සිට රෝහල කරා රැගෙන යනු ලැබූවේ, ආරක්ෂිත පියවරක් ලෙස බව බකිම්හැම් මාළිගය පවසයි.

ලොව ප්‍රමුඛ පෙළේ සංගීතඥයින්ගේ සහභාගීත්වයෙන් ඊයේ පැවති ප්‍රසංගයට සහභාගී විමටද  ඔහුට නොහැකි වු අතර අද ශාන්ත පෝල් දේවස්ථානයේ පැවැත්වෙන ස්තුති දේව මෙහෙයට සහභාගී වීමේ අවස්ථාව ද එඩින්බරෝ ආධිපාදතුමන්ට මග හැරී යනු ඇති.

පිලිප් කුමරුට තවත් දින කිහිපයක් රෝහල්ගතව සිටීමට සිදුවනු ඇති.
 
Related Posts with Thumbnails