Ads 468x60px

.

J.D.C ජයසිංහ නොහොත් මුද්දරගම කුකුල් චාලිට ජනතා විරෝධය

මල්දෙනියගේ ප්‍රියදර්ශනී තරුණියගේ දුෂණය සම්බන්දයෙන් පුවත අපගේ වෙබ් අඩවියේ පළ විමන් පසු දැනට දුෂකයාට එරහිව කාන්තා ශක්ති සහ ලක් වනිතා පෙරමුණ යන සංවිධාන වලට ශක්තියක් මෙන්ම ජනතා ප්‍රතිචාරයක් ලැබී තිබේ. එම දුෂකයා නිරාවරණය කරමින් පලවන මේ අපගේ දෙවන ලිපියයි...
 
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියෙකු වන සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රවාහන  අධ්‍යක්ෂක ජාවිගොඩගේ දොන් චාර්ල්ස් ජයසිංහ (J.D.C ජයසිංහ) නොහොත් මුද්දරගම කුකුල් චාලි යන පුද්ගලයාට  ජනතා විරෝධය එල්ල වන බව වාර්තා වේ. 
 
මිනුවන්ගොඩ රෝහලේ කම්කරු රැකියාවක් ලබා දෙන බවට පොරොන්දු වෙමින් මිනුවන්ගොඩ ඕපාත ප්‍රදේශයේ පදිංචිව සිටි මල්දෙනියගේ ප්‍රියදර්ශනී නම් තරුණිය බලහත්කාරයෙන් දුෂණය කිරීම සම්බන්ධයෙන් මොහු චෝදනා ලබා තිබේ. 
 
නමුත් දේශපාලන හයිය යොදා ගනිමින් මීරිගම පොලිසියට බලපෑම් කල මොහු එම තරුණියගේ පැමිණිල්ල ලියා ගැනීමටවත් පොලිසියට ඉඩ සලසා නොමැත. එසේම මල්දෙනියගේ ප්‍රියදර්ශනී  තරුණිය මුද්දරගම ග්‍රාම නිලධාරී එස් ඒ ජයතිස්සට තමාට සිදු වූ අතවරය සම්බන්ධව ලබා දුන්  ප්‍රකාශයද යටපත් කිරීමට මෙම පරිපාලන නිලධාරියා සමත් විය. 
 
නීතියට අභියෝග කල  ස්ත්‍රී දුෂක ජේ . ඩී. සී ජයසිංහ නොහොත් ජාවිගොඩගේ දොන් චාල්ස් ජයසිංහ ලිංගික අතවරය පිළිබඳව මීරිගම පොලිසියට පැමිණිලි කිරීමට ගිය ප්‍රියදර්ශනී තරුණියට ඉන්පසුව දිගින් දිගටම තර්ජන එල්ල කරන ලදී. මොහුගේ ගේ තර්ජන නිසා තරුණියට රැකියාවට පවා යාමට නොහැකි වුවාය. දුෂකයාගේ තර්ජන , අවමාන හිරිහැර කරදර නිසා 1999 නොවැම්බර් 2 දින මල්දෙනියගේ ප්‍රියදර්ශනී වස පානය කිරීමෙන් දිවි නසා ගත්තාය. 
 
ඇයගේ මරණයත් සමගම ස්ත්‍රී දුෂණය සදාකාලිකවම යට ගැසීමට ජයසිංහ සමත් විය. කාලයක් යට ගොස් තිබු මෙම අපරාධය යලි මතු වුයේ  මෙම දුෂණයට විරුද්ද වූ මුද්දරගම ගම් වාසීන් විසින් නොයෙකුත් කාන්තා සංවිධාන දැනුවත් කිරීම නිසාවෙනි.   කාන්තා සංවිධාන කීපයක් විසින් යලි මෙම පැමිණිල්ල විභාග කිරීමට උත්සහ දැරුවද දේශපාලන බලපෑම් යොදා ගනිමින් ඒවා යටපත් කිරීමට දුෂකයාට හැකි විය. එම නිසා මෙම පැමිණිල්ල නිසි ලෙස විභාග වුයේ නැත. 

ජේ ඩී සී ජයසිංහ  මීරිගම බල ප්‍රදේශයේ මාන්ගෙදර මුද්දරගම පදිංචිව සිටියි. විවාහකයෙකු වන මොහුගේ බිරිඳ හිටපු වින්නඹු කාන්තාවකි. මෙම දුෂකයාට ගැහැණු  දරුවන්ද සිටිති. මිට වසර කීපයකට පෙර මොහු තම දරුවන් ගෙන යාම සඳහා   ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයට පැමිණි  අවස්ථාවේදී වැඩිහිටි සිසුවියකගේ පියයුරක් මිරිකීම නිසා දෙමාපියන් වටවී මොහුට විරෝධය පාන ලදී. 
 
මේ සම්බන්ධයෙන් ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනී A.H.A ජයවර්ධන මහත්මිය විසින් ඔහුට තරයේ අවවාද  කරන ලදී. මෙම ළමා අපචාර   සිද්ධිය  ගම්පහ පොලිස් ස්ථානයට  දෙමාපියන් විසින් දැනුම් දුන්නද ඔහු එවකට ගම්පහ  ප්‍රබල දේශපාලකයෙකු වූ රෙජි රණතුංග ගේ උපකාරයෙන් කිසිදු චෝදනාවක් නොලබා ගැලවී යන ලදී. 
 
මොහු කුරුණෑගල නියෝජ්‍ය තැපැල්පති ලෙස සේවය කරන කාලයේදී ද විවාහක කාන්තාවකට බලපෑම් කිරීමට ගොස් ඇයගේ සැමියාගෙන් පහර කෑමට ලක් වූ බවද කුරුණෑගල නියෝජ්‍ය තැපැල්පති කාර්යාලයේ නිලධාරීහු පවසති. අධික ලෙස බිමත්කමට ඇබ්බැහි වී සිටින පරිපාලන නිලධාරී චාර්ල්ස් ජයසිංහ රාජකාරි වේලාවේද සිටින්නේ බීමතිනි.

මෙම පුද්ගලයාට විරුද්ධව මුල්‍ය වංචා චෝදනා ද තිබේ. ඔහු  වනසම්පත් හා පාරිසරික අමාත්‍යංශයේ සිටියදී සිදු කරන ලද මුල්‍ය වංචාවක් නිසා එවකට වනසම්පත් හා පාරිසරික අමාත්‍යංශයේ උසස් නිලධාරියෙකු වූ රත්නදාස මිල්ලවිටිය මහතාගේ පැමිණිලි කිරීම මත හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර මහතා විසින් ජේ ඩී සී ජයසිංහව  නින්දිත ලෙස තම අමාත්‍යංශයෙන්  පළවා හරින ලදී. 
 
මොහු දැනට කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා යටතේ සිටින අතර අමාත්‍යවරයාගේ නම විකුණා විවිධ අක්‍රමිකතා සදාචාර විරෝධී ක්‍රියා කරන බව එම අමාත්‍යංශයේ නම හෙළි කිරීමට අකමැති උසස් නිලධාරියෙකු පැවසිය. මොහුගේ ක්‍රියා නිසා යම් දිනක කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාටද බලවත් අපහසුතා ඇතිවිය හැකි බව එම නිලධාරියා වැඩි දුරටත් පවසයි. 

ජාවිගොඩගේ දොන් චාර්ල්ස් ජයසිංහ නොහොත් ස්ත්‍රී දුෂක මුද්දරගම කුකුල් චාලිට දැන් ප්‍රබල ලෙස ජනතා විරෝධය එල්ල වෙමින්  පවතියි. කාන්තා පරියේෂණ කේන්ද්‍රය , කාන්තා ශක්ති   සංවිධානය ඇතුළු ලක්වනිතා පෙරමුණේ සභාපතිනි ශාන්තිණී කෝන්ගහගේ  මැතිනිය මෙම දුෂකයා නිතිය හමුවට ගෙන ආ යුතු බවට හඬක් නගමින් සිටිති. 
 
දේශපාලන බලපෑම් වලින් තොරව මියගිය තරුණියට යුක්තිය ඉටු කිරීම සඳහා ජාවිගොඩගේ දොන් චාර්ල්ස් ජයසිංහ නිතිය ඉදිරියට ගෙන ආ යුතුය. 
 
- අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails