Ads 468x60px

.

දුමින්ද අත්අඩංගුවට ගන්නවා වෙනුවට හිරුනිකාට නඩුවක්...

මහේස්ත‍‍්‍රාත්වරයා දුමින්දගෙන් ප‍‍්‍රකාශයක් නොගන්නේ මන්දැයි ප‍‍්‍රශ්න කරමින් අධිකරණය අපහසුතාවයට පත් කරලලු ...

අධිකරණයට අපහාස කිරීම අධිකරණයේ පවතින නඩුවක් සම්බන්ධයෙන් මාධ්‍ය ප‍‍්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් හිරුණිකා පේ‍‍්‍රමචන්‍ද‍‍්‍ර මෙනවියට එරෙහිව නඩුවක් පැවරීමට අවශ්‍ය කි‍‍්‍රයාමාර්ග ගන්නා ලෙස පාර්ලිමෙන්තු මන්තී‍‍්‍ර දුමින්ද සිල්වා මහතාගේ නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා මහේස්ත‍‍්‍රාත් අධිකරණයෙන් අද (05) ඉල්ලා සිටියේය. 


හිටපු පාර්ලිමේන්තු මන්තී‍‍්‍ර භාරත ලක්‍ෂමන් පේ‍‍්‍රමචන්‍ද‍‍්‍ර මහතා ඇතුළු සිවුදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධ නඩු විභාගය කොළඹ අතිරේක මහේස්ත‍‍්‍රාත් ප‍‍්‍රසන්න අල්විස් මහතා හමුවේ අද විභාගයට ගත් අවස්ථාවේදී වර්ණකුලසූරිය මහතා අධිකරණයෙන් මෙම ඉල්ලීම කළේය.

වර්ණකුලසූරිය මහතා විසින් අදාල නඩුව පැවරීමට අවශ්‍ය සංයුක්ත තැටි කිහිපයක් හා ලේඛණද අද අධිකරණයට ඉදිරිපත් කළේය.පේ‍‍්‍රමචන්‍ද‍‍්‍ර මෙනවිය දුමින්ද සිල්වා මහතා ජයවර්ධපුර රෝහලේ ප‍‍්‍රතිකාර ලබන අවස්ථාවේදී මහේස්ත‍‍්‍රාත්වරයා දුමින්දගෙන් ප‍‍්‍රකාශයක් නොගන්නේ මන්දැයි ප‍‍්‍රශ්න කරමින් මාධ්‍යට ප‍‍්‍රකාශයක් කරමින් අධිකරණය අපහසුතාවයට පත් කළ බවද එහිදී කීය.

ඊට අදාල හඬපටයද තමා සන්තකයේ ඇතැයි ද එයද අධිකරනයට ඉදිරිපත් කරණ බව වර්ණකුලසූරිය මහතා අධිකරණයට දැන්වීය.
අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ උපුල් කුමාරප්පෙරුම මහතා අධිකරණයට දන්වා සිටියේ අපහාස නඩුවක් ගොනු කරන්නේ නම් එය ගොනුකරයුතු වන්නේ අභියාචනාධිකරණයේ බවයි.

නඩුවට අදාල ලිඛිත දේශණ ලබන 26 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරණ ලෙසත්, දැනට අත්අඩංගුවේ පසුවන සැකකරුවන් ලබන 19 වැනිදා දක්වා රිමාන්ඞ් භාරයේ තබන ලෙසත් මහේස්ත‍‍්‍රාත්වරයා නියෝග කළේය.

අද දිනයේ නඩුව සඳහා බන්ධනාගාර ආරක්ෂාව යටතේ සැකකරුවන් 16 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 20 දෙනෙකු ඇතුළත්ව සිටින අතර ඉන් දුමින්ද සිල්වා හා ගලබොඩ නැමැත්තා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.තවත් දෙදෙනෙකු ඇප මත මුදාහැර සිටී.
 
Related Posts with Thumbnails