Ads 468x60px

.

මුතූ තරංගා මේ වසරේ යුග දිවියට

මුතූගේ විවාහ බාලගිරි දෝෂයට හසුවුණු එකක්ලු...

ජනපි‍්‍රය ටෙලි නිළියක් වන මුතූ තරංගා මේ වසරේ සිය විවාහ මංගල උත්සවය ගැනීමට සූදානම් වන බව වාර්තා වේ.


කෙසේවුවද පසුගිය කාලය පුරාම මේ විවාහ උත්සවයද බාලගිරි දෝෂයට හසුවුණු එකක් බවට ක්ෂේත්‍රයේ කතාබහක් තිබේ.ඇය මෙසේ විවාහවීමට සූදානම් වන්නේ නිශාන්ත අමුපිටිය සමගය.


ඔහු මෙවන විට රැකියාවක් සඳහා විදෙස් ගතවී සිටින අතර ලබන අගෝස්තු මාසයේදී ඔහු ලංකාවට පැමිණීමට නියමිත බව පැවසේ.

මුතූ හා නිශාන්තගේ ආදාර සම්බන්ධය වසර 8ක් පමණ පැරණි එකක් බවත්, මොවුන් දෙදෙනා මේ වන විට විවාහ ගිවිසගෙන ඇති බවත් පැවසේ.නිශාන්ත විදෙස්ගත වූයේදී සිය විවාහ මංගල උත්සවය ගැනීමට පෙර සැලැසුම් සකස්කර තබා බවද වාර්තා වේ.

නිශාන්තට ඇහැළියගොඩ ප‍්‍රදේශයේ කායවර්ධනාගාරයක් ඇති බවත්, නිශාන්ත හා මුතූ පසුගිය කාලයේදී ඇහැළියගොඩ, තොරණගොඩ ප‍්‍රදේශයේ එක්ව කාලය ගෙවූ බවත්, මේ අතර වාර්තා වේ.

කෙසේවුවද ටෙලිවලට දිගු විරාමයක් තබා තිබූ මූතූ ‘ආදරේ අහස තරම්’ ටෙලිය හරහා පේ‍්‍රක්‍ෂකයන්ට යළි දැක ගැනීමට ලැබිණි.ඇය මෙසේ රංගනයෙන් ඈත්ව සිටියේ විදෙස් සංගීත ප‍්‍රසංගවලට දිගින් දිගටම ලැබුණු ආරාධනා නිසා බව මුතූ මාධ්‍යට පවසා තිබිණි.

මේ අතර, මුතූ මේ වසරේ ඇගේම කියා ගීතයක් පටිගත කිරීමටද සුදානමින් සිටින බවද වාර්තා වේ.ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශවූ සෙනේෂ් බණ්ඩාර දිසානායකගේ ‘පුලින ප‍්‍රසාඳ’ ටෙලි නාට්‍ය හරහා රංගනයට පිවිසි මුතූ තරංගා පූජනීයයි ආදරේ, ස්වරාංජලී හා සිදංගනා ටෙලි නාට්‍ය හරහා වඩාත් ජනපි‍්‍රයත්වයට පත් වූවාය.

වසුදා ටෙලි නාට්‍යයේ ‘නිලූපුලී’ ලෙස චරිත මවමින් ඇය පේ‍්‍රක්ෂකයන්ගේ හදවත් තුළ ලැගුම් ගත්තාය.ස්වර්ණවාහිනියේ විකාශයවූ මෙගා ස්ටර්ස් ගායන තරු වැඩසටහන හරහා ඇයට ගීත ගායනය කිරීමට ද කුසලතාවයක් ඇතැයි ඔප්පුකර පෙන්වීමට සමත් වූවාය.

මුතූට බාල නැගණියක්ද සිටීන අතර මුතූගේ දෙමාපියන් මේවන විට පදිංචිව ඇත්තේ වෙන්නප්පුව ප‍්‍රදේශයේය.මුතූගේ නැගණිය මේවන විට විවාහවී සිටී.


 



 
Related Posts with Thumbnails