Ads 468x60px

.

මහ දවාලේ තරුණ හිමිනමක් තරුණ ගැබිනි කාන්තාවක් දුෂණය කරයි...

නිවසේ කාන්තාව තනිවම සිටි අවස්ථාවක් බලා...
පුණ්‍යාධාර එකතු කිරීමේ මුවාවෙන් කාන්තාවගේ නිවසට ඇතුළු වෙලා...

දකුණේ තරුණ හිමිනමක් ඊයේ දහවල්  නිවසකට ඇතුළුවී එහි සිටි තරුණ ගැබිනි කාන්තාවක් දුෂණය කිරීමේ සිද්ධියක් වාර්තා වේ. 


වලස්මුල්ල පොලිස් වසමේ  ඕලූආර ප‍්‍රදේශයේදී, වයස අවුරුදු 23 ක් වූ ගැබිනි කාන්තාවක්, හිමිනමක්  විසින් ඊයේ දහවල් 1.30 ට පමණ දුෂණය කර ඇති බව වලස්මුල්ල පොලිසියට වාර්තා වී ඇතැයි පොලිස් මාධ්‍ය ඒකකය පවසයි.

පුණ්‍යාධාර එකතු කිරීමේ මුවාවෙන් කාන්තාවගේ නිවසට පැමිණ, නිවසේ කාන්තාව තනිවම සිටි අවස්ථාවේ මෙම අපරාධය සිදු කර ඇතැයිද, සැකකරු තල්පාවිල, කැකණදුර ප‍්‍රදේශයේ පිරිවෙනක වැඩ වාසය කරන වයස අවුරුදු 17 ක් වූ හිමිනමක්  බවද පොලිස් නිවේදනයේ දැක්වේ.

සැකකාර හිමිනම  අත් අඩංගුවට ගෙන වලස්මුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 11 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

අද වැනි පොසොන් පෝ දිනයක බුද්ධාගම ශ‍්‍රී ලංකාවට ගෙන ආ ඒ ඓතිහාසික මිහින්තලයේ  පිහිටි රජ මහා විහාරයේ හිටපු නායක හිමියන්ද වයස අවුරුදු 13 ක දැරියක් වරින් වර දුෂනය කිරීමේ චෝදනාව මත අපරාධ නඩුවක් මේ දිනවල අනුරාධපුර අධිකරණයේ විභාග වෙමින් පවතී.

එසේම, ලන්ඩනයේ ක්‍රොයිඩන්හි තේම්ස් බෞද්ධ විහාරයේ විහාරාධිපතිව විසූ වයස අවුරුදු 65 ක් වූ පහලගම සෝමරතන නාහිමියන්ද  බාල දැරියක් දුෂණය කිරීම හේතුවෙන් වරදකරු වී වසර 7 කට සිරගෙට නියමවුයේ නොබෝදාය.
 
Related Posts with Thumbnails