Ads 468x60px

.

ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථාන 500 කෙප්පය...

ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථාන 500ක් ජපානයේ පිහිටුවීමට දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව දිනමිණ පුවත්පත පසුගියදා වාර්තා කළේය.


මේ අනුව මෙලෝ සිහියක් නැතුව ජපනුන්  ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථාන ඇති කරමින් ජපානය වටේ යනු ඇත. විද්‍යාත්මක ක්‍රමයකට ඖෂධ ප්‍රතිකාර කරන ජපානය සියලු ප්‍රමිතීන් හැර දමා ලංකාවේ ආයුර්වේද ඖෂධ  ආනයනය කිරීමට පියවර ගනු ඇත .    

දිනමිණ පුවත්පත මෙවැනි කෙප්ප කෙලින්නේ ජපානයේ ජනතාව රැවටීමටද නැතිනම් ලංකාවේ බත් කන හරක්  රැවටීමටද කියා තවම හරි හැටි පැහැදිලි නැත. එදා මෙදා තුර   දිනමිණ වාර්තා කල සංවර්ධන වියාපෘති ගණන් කළහොත් ලංකාව ලෝක ආර්ථික සංවර්ධනයේ පළමුවැනියාය . 

නමුත් මේ සංවර්ධන වියාපෘති ක්‍රියාත්මක කිරීමට නොව කියවා පසුව බත් එතීමට බව දන්නේ මේවා ලියන අය සහ ඒවාට ගුරුහරුකම් දෙන අය  පමණි . කවුරු කොහොම රැවටුනත් දිනමිණ වාර්තා කරන පුවත මෙසේය. 


===========//============



ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථාන 500ක් ජපානයේ පිහිටුවයි...

- මානෙල් පුෂ්ප කුමාරි
ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථාන 500ක් ජපානයේ පිහිටුවීමට දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව සංස්කෘතික වෙළඳ කේන්ද්‍රයේ සංවත්සර උළෙලට ආරාධිතයකු ලෙසින් සහභාගි වූ දේශීය වෛද්‍ය ඇමැති සාලින්ද දිසානායක මහතා විසින් කරන ලද යෝජනාවකට අනුව පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි ජපාන නියෝජිත පිරිස සමග පැවැති සාකච්ඡාවේදී මේ තීරණයට පැමිණ ඇත. 


ජපානයේ මහා පරිමාණ ව්‍යාපාරික ආයතනයක් වන විස්නෙට් ආයතනය මගින් ජපානයේ වැඩිහිටි සෞඛ්‍ය මධ්‍යස්ථාන 500 ක් පවත්වා ගෙන යන අතර මෙතෙක් එම මධ්‍යස්ථානවලට ලබා දී ඇත්තේ බටහිර ඖෂධයන්ය. ශ්‍රී ලංකාවේ ආයුර්වේද වෙදකම තුළ නිදන්ගත රෝග සහ බෝ නොවන රෝග සුව කිරීමේ ඇති හැකියාව නිසා මේ වසරේ පටන් ආයුර්වේද ප්‍රතිකාර ලබා දීමට ජපානයද තීරණය කර තිබේ. 

මේ අනුව ආයුර්වේද ඖෂධ ජපානය තුළ ප්‍රචලිත කිරීමටද අවස්ථාව උදා වේ. මෙයට අමතරව ජපන් ජාතිකයන්ට ශ්‍රී ලංකාව තුළ ආයුර්වේද පුහුණු පාඨමාලා මධ්‍යස්ථාන ආරම්භ කිරීමටද සැළසුම් කර ඇත. 

මෙම ව්‍යාපෘතිය මේ වසරේ ආරම්භ කරන බවත් මේ මගින් රටට විදේශ විනිමය උපයා ගත හැකි වන බවත් රැකියා අවස්ථා උදා කර දීමටත් ජපන් ජාතිකයන් වැඩි වශයෙන් මෙරටට සංචාරකයන් ලෙස ගෙන්වා ගැනීමට හැකි වන බවත් ජපානයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් සහ ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව සංස්කෘතික වෙළඳ කේන්ද්‍රයේ සභාපති සුනිල් ගමගේ මහතා පවසයි. ජපන් ජාතික තකා හෂී මහතා ප්‍රමුඛ කණ්ඩායමක් මේ අවස්ථාවට සහභාගි වූහ.

 - අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails