Ads 468x60px

.

"ටැබා" පාසල් සිසුන්ට හරහට හිටී...

අනෙක්‌ ප්‍රදේශවලද ව්‍යාප්ත කිරීමේ ජාවාරමක්‌...

පාසල් සිසුන් හා වෙනත් පිරිස්‌ මත්වීම සඳහා ට්‍රැමඩෝල් හෙවත් "ටැබා" නමැති ඖෂධය බහුල වශයෙන් භාවිතයට පෙළඹී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයට තොරතුරු ලැබී ඇත.


මෙම ඖෂධය බොහෝ ඔසුසල් විසින් වෛද්‍ය නිර්දේශ නොමැතිව අලෙවි කරන බවටද තොරතුරු ලැබීම නිසා එවැනි ඔසුසල් කිහිපයක්‌ මරදානේ සහ මාලබේ ප්‍රදේශයේ වැටලීම් කර ලක්‍ෂ හයක පමණ ඖෂධ අත්අඩංගුවට ගෙන ඇතැයි  'දිවයින' පුවත්පත වාර්තා කරයි.

මෙම ට්‍රැමඩෝල් නමැති ඖෂධ බහුල වශයෙන් ගම්පහ ප්‍රදේශයේ අලෙවි වන බවට හෙළිවී තිබේ. මේවා දිවයිනේ අනෙක්‌ ප්‍රදේශවලද ව්‍යාප්ත කිරීමේ ජාවාරමක්‌ සිදුවෙමින් පවතින බවටද සෞඛ්‍ය අමාත්‍යාංශයට තොරතුරු ලැබී ඇත.

මෙම ට්‍රැමඩෝල් ඖෂධයට අමතරව කැස්‌සට භාවිත කරන සිරප් වර්ගයක්‌ ද මත්වීම සඳහා බහුල වශයෙන් භාවිත කරන බවට සෞඛ්‍ය අමාත්‍යාංශයට තොරතුරු ලැබී තිබේ.මෙවැනි ඖෂධ වෛද්‍ය උපදෙස්‌ නොමැතිව නිකුත් නොකරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස්‌ දී ඇත.

එම උපදෙස්‌ නොපිළිපදින ඖෂධ සල්වල බලපත්‍රය අහෝසි කිරීමට සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා, විලවුන් උපකරණ හා ඖෂධ අධිකාරියට උපදෙස්‌ දී තිබේ.

එමෙන්ම මෙම ඖෂධ වෛද්‍ය උපදෙස්‌වලින් තොරව භාවිතයට ගැනීමෙන් ස්‌නායු ආබාධ සහ වෙනත් රෝගී තත්ත්වයන් ඇතිවන බව ද හෙළිවී තිබේ.
 
Related Posts with Thumbnails