Ads 468x60px

.

ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ දියණිය විවාහවූ දා...

ප්‍රවීන රංගන ශිල්පී යුවළක් වන ශ්‍රියන්ත මෙන්ඩිස් සහ කුසුම් රේණුගේ දියණිය වන නිපුනි පේෂලා විවාහ වුනා. ඇයගේ අතගත් මනාලයා වූයේ අමන්ද පෙරේරාය. ඔහු එංගලන්තයේ ඉංජිනේරු උපාධියක් හදාරණ තරුණයෙක්.

නිපුනි පේෂලා සහ අමන්ද පෙරේරාගේ විවාහ උත්සවය පල්ලියේ චාරිත්‍රවලින් පසු ගල්කිස්ස හොටලයේදී කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් 20 වෙනිදා පැවැත්වූවා. නිපුනි පේෂලාගේ උපන් දිනයද එදිනට යෙදී තිබීම විශේෂ සිද්ධියක්.



ටෙලි නාට්‍ය රංගනයට සම්බන්ධ වූ නිපුනි මේ දිනවල තිරගත වන කුවේණි චිත්‍රපටියටද රංගනයෙන් දායකත්වය ලබා දී ඇත. ඇය වේදිකා නාට්‍යවල ඇඳුම් නිර්මාණ ශිල්පිනියෙකුද වෙනවා.

ඇඟළුම් කර්මාන්ත ක්ෂ්‍රේත්‍රයේ විලාසිතා නිර්මාණ අංශයේ රැකියාව කරන ඇය ඉන්දියාවේ බැංගලෝර් විශ්වවිද්‍යාලයෙන් ඒ පිළිබඳව හදාරා අති බව සැලයි.




















 
Related Posts with Thumbnails