Ads 468x60px

.

ඉබ්බාගමුවෙන් ඇසල පෝයට දුන් අමුතුම ආකාරයේ දන්සල....

පුද්ගලයින් 400 කට වැඩි පිරිසකට සේවයක්...
අති මහත් ප්‍රතිචාරය නිසාම ලබන වසරේත්...

වන්දනාකරුවන්ගේ මහන්සිය, කුසගින්න සහ පිපාසය නිවා ගැනීමට උපකාරයක් ලෙස දන්සල් දීම ඇරඹුනත් ෆ්‍රයිඩ් රයිස්, නූඩ්ල්ස්, අයිස්ක්‍රීම්, චොකලට් ආදී දන්සල් දක්වා වර්ථමානය වනවිට විකාශනය වී තිබෙනවා.
 

නමුත් මෙලෙස කොණ්ඩා, රැවුල් කැපීමේ දන්සලක් ගැන වාර්තා වන්නේ පලමු වරටයි.

ගල්කැටිගම සමෘධි සමීතිය මඟින් සංවිධානය කර තිබූ මෙම දන්සලේ සේවය සැපයුවේ ඉබ්බාගමුව සහ ඒ අවට තමන්ගේ සැලෝන් පවත්වාගෙන ගිය කරණවෑමියන් 12 දෙනෙක්. එසේම එක් රූපලාවන්‍ය ශිල්පිනියක් ද තම දායකත්වය සැපයූවා.


එදින අල්මිනා විද්‍යාලයේ එක් ශාලාවක් අංගසම්පූර්ණ සලෝන් එකක සිරියක් ගෙන තිබුනා. වැඩිහිටියන්, තරුණයන්, කාන්තාවන් සහ ළමයින් සඳහා වෙනම අංශ ලෙස පවත්වාගනිමින් මෙම සේවය සපයා ඇති අතර සැලෝන් එකකින් වන සෑම සේවාවක්ම එහිදී මෙම දන්සලෙන් ලබාගැනීමට හැකිවී තිබුණා.

මෙම දන්සල සංවිධානය කිරීමට පෙරමුණ ගෙන කටයුතු කර ඇත්තේ ගල්කැටිගම සමෘධි නියාමක එස්.එම්.එච්.ඩීන් මහතා යි.මෙය සංවිධානය කිරීම ගැන ඔහු පවසන්නේ මෙවැන්නක්.

"අද වනවිට කොණ්ඩය, රැවුල කපාගන්න මනුස්සයෙකුට රුපියල් දෙතුන් සීයකට වැඩි මුදලක් වියදම් කරන්න වෙනවා. අද කාලෙ විදියට එයත් ලොකු මුදලත්. අනික් අතට අපි බත් දන්සලක් සංවිධානය කරල මිනිස්සුන්ට කන්න දුන්නනම් පිරිමැහෙන්නෙ එක වේලක් විතරයි. නමුත් අද අප සංවිධානය කළ කොණ්ඩා රැවුල් කැපීමේ දන්සල නිසා මසෙක හමාරකට වන වියදමක් ඉතුරු වෙනවා." 




මෙයින් සේවය ලබාගත් අයෙකු පැවසුවේ මෙවැනි අදහසක්.

"ඇත්තෙන්ම මේ කාලයේ කොණ්ඩ, රැවුල කපන්න යන වියදමත් සාමාන්‍ය මිනිසකුට ලොකු බරක් විදියටයි මම දකින්නේ. ඒ බර යම් තරමකට හෝ සැහැල්ලු කරල දෙන්න ගත්තු මේ උත්සාහයට මෙය සංවිධානය කළ සියලුදෙනාටම පින් දෙනවා."

මෙම දන්සලට සේවය සැපයූ වෘතිකයන් ගෙන් විමසූ විට ඔවුන් පැවසුවේ මෙය අළුත්ම අත්දැකීමක් වන අතර මෙයින් තමන් විශාල සතුටක් ලැබූ බවයි. එසේම පුද්ගලයින් 400 කට වැඩි පිරිසකට සේවයක් සැපයීමට මේ නිසා හැකි වූ බවත් මෙවර දන්සලට තිබූ අති මහත් ප්‍රතිචාරය නිසාම ලබන වසරේත් පැවැත්වීමට අදහස් කරන බවත් ඔවුන් වැඩිදුරටත් පැවසුවා.

මෙහි විශේෂත්වයක් වන අනෙක් කරුණ වන්නේ මෙම කොණ්ඩා, රැවුල් කැපීමේ දන්සල සංවිධානය කිරීමට ප්‍රධාණ දායකත්වයක් දී තිබෙන්නේ බක්මීගොල්ල ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව වීමයි
 
Related Posts with Thumbnails