Ads 468x60px

.

උපාලි ජීවතුන් අතර නැති බව ඉර හඳ වගේ විශ්වාසයි - ලක්මිණි විජේවර්ධන

සිංහල බෞද්ධ විරෝධී කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක්...

විජේවර්ධන මහතා පිළිබඳ අසත්‍ය චෝදනා...

උපාලි විජේවර්ධන මහතා ජීවතුන් අතර නොමැති බව ඉර හඳ මෙන් තමන්ට විශ්වාස බව ඒ මහතාගේ වැන්දඹු භාර්යාව වන ලක්මිණි විජේවර්ධන මහත්මිය කියයි.


ඇය මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පවසා තිබිණි. දිවංගත උපාලි විජේවර්ධන මහතා පිළිබඳ අසත්‍ය චෝදනා පතුරවා හරිනු ලබන්නේ සිංහල බෞද්ධ විරෝධී කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් වශයෙන් බවත් ඒ මහත්මිය සඳහන් කර තිබේ.

පසුගිය දිනවල වෙබ් අඩවිවල උපාලි විජේවර්ධන මහතා ජීවතුන් අතර සිටින බවට තොරතුරු පල විය.වසර 1983 පෙබරවාරි 13 වැනිදා ගුවන් අනතුරකින් උපාලි විජේවර්ධන මහතා ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

එසේ මියගිය උපාලි විජේවර්ධන මහතා අවුරුදු 26ක් තිස්සේ මෙක්සිකෝවේ ඉස්ලස්මරියස් නමැති සිරගෙදර දඩුවම් විඳිමින් සිටින බවද අදාල පුවත්වල සටහන් විය.

ගුවන් යානය කඩා වැටීමෙන් පසු තුවාල ලබා මුහුදට වැටුණ විජේවර්ධන මහතා බේරාගෙන ඇත්තේ ජාත්‍යන්තර මුහුදු මාර්ගයේ ගමන් කරමින් තිබූ නෞකාවක් විසින් බව එම වාර්තාවල සඳහන් වෙයි.

මිතුරන්ගේ පාවා දීම් අනුව මෙක්සිකෝවේ සිර භාරයට පත් වූ ඒ මහතා එහි සිටි මුළු කාලයේදීම සෙන් බුදු දහමේ පොත් කියවා ඇතැයි පැවසේ.
දැඩි ලෙස තමන්ට පහර දෙමින් මරා දමන්නට සිරගෙදරදී ඇතමුන් ක‍්‍රියා කළද ජීවිතය බේරා ගන්නට ඔහුට හැකිවී ඇතැයිද ඒවායේ දැක්වේ.කෙසේ වුවද මේ අතර තවත් මතයක්ද පැතිර තිබේ. ඒ උපාලි ගේ පුද්ගලික ලියර් ජේට් යානයෙන් මැලේසියාවට ගොස් පසුව ඔහු මෙක්සිකෝවට ගිය බවයි.

එතෙක් පටන් උපාලි රෆායල් කරෝ නම් ජාත්‍යන්තර මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවා ලෙස ජීවත්වන බවද පැවසේ.
 
Related Posts with Thumbnails