Ads 468x60px

.

බාහුට කුණු බිත්තර ප්‍රහාරයකුත් එක්ක , රනිල්ට හූ කියන්නට පටන් අරන්

ආසන සංවිධායකයෝ එකිනෙකා හොරෙන් රැස්වීම මඟහැරලා...

ඒකාබද්ධ විපක්‍ෂය ඊයේ (17) දඹුල්ලේ දී සංවිධාන කැර තිබූ ගොවි උද්ඝෝෂණයේ දී ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතාට දඹුලු ජනතාවගෙන් කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල වෙලා තියෙනවා.


එජාප පළාත් සභා මන්ත්‍රී සංජීව කවිරත්න මහතා මෙම ගොවි උද්ඝෝෂණය සංවිධාන කැර තිබිණි.මෙම විරෝධතාවයට ප්‍රාදේශීය සභා, පළාත් සභා මන්ත්‍රීවරු සහ එජාප ආධාරකරුවෝ තිස්හත්දෙනෙක් පමණ සහභාගි වූහ.එජාප නායක රනිල් වික්‍රමසිංහ සහ වික්‍රමබාහු කරුණාරත්න, සිරිතුංග ජයසූරිය යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්

මෙම උද්ඝෝෂණය පැවැත් විණි. උද්ඝෝෂණය අවස්ථාවේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා දඹුල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක නැවතී සිට ඇත.


උද්ඝෝෂණය අවසන් වූ පසු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසලට රනිල් වික්‍රමසිංහ මහතා පැමිණියේය. පසුව වික්‍රමබාහු කරුණාරත්න සහ සිරිතුංග ජයසූරිය යන මහත්වරු ජනතාව අමතද්දී ගොවි ජනතාව හූ කියන්නට පටන් ගෙන තිබේ.

පසුව රනිල් වික්‍රමසිංහ මහතා හට ඇති වූ ලැජ්ජාව නිසා රැස්වීම අවසන් කෙරිණි. එජාප ආසන සංවිධායකයෝ එකිනෙකා හොරෙන් රැස්වීම මඟහැර ගියහ.





 
Related Posts with Thumbnails