Ads 468x60px

.

දෙපා සතාටත් ආදර්ශයක් - බැල්ලියකගේ වීර ක‍්‍රියාවක්

බැල්ලිය ගිනි දැල් මැදට පනී...

ගිනිගෙන දැවෙන නිවෙසක ගිණි දැල් මැදින් පැටවුන් බේරා ගත් බැල්ලියකගේ වීර ක‍්‍රියාවක් චිලි සාන්තියාගෝ නුවරින් වාර්තා වෙයි.

ගිනි නිවන භටයින් සිය රාජකාරිය ඉටු කරනා අතරතුර මාතෘත්වය ඉහවහා ගිය මෙම බැල්ලිය ගිනි දැල් මැදට පැන සිය පැටවුන් එකින් එකා රැගෙන ගිනි නිවන රථයට ගෙනත් දැමුවාය. ඇය පැටවුන් මරණයෙන් බේරා ගත්ත ද එක් පැටවකු ද ඇයද පිළිස්සුම් තුවාල ලදහ.




පැහැදිලි කිරීම......

කුමක් හෝ පිනෙහි අඩුවක් නිසා තිරිසන් භවයක උපත ලද ඔබ, මාතෘත්වයේ උත්තරීතර බව, දරු සෙනෙහසක මහිමය තිරිසන් සතුන්ටද ඇති බව කදිමට ලොවට පෙන්නුවා. ඔබ කරන ලද්දේ අසරණ කුඩා පැටවුන්- කිරිසප්පයන්ගේ ජීවිත රුදුරු මරණයෙන් බේරා ගැනීමේ මහා පුණ්‍ය කර්මයකි. මේ පිනෙන් ඔබ මරණින් මතු සුගතිගාමී වේවා !! 

සංසාරයේ හැටි මෙහෙම තමා, මේ ආරම්භය හෝ සිදුවෙන එකම සිද්ධිය නොවෙයි. අපිත් මේ වගේ කොපමණ අවස්ථාවලට මේ දිගු තෙරක් නොපෙනෙන සංසාරේ මුහුණ දෙන්න ඇතිද ?

සමහර විටෙක අපේ දරුවන් අපි ඉදිරියේම පිච්චිලා මැරෙන්න ඇති, විටෙක අපිත් ඒ ගොඩේම පිච්චිලා අගුරු වෙලා යන්න ඇති, මෙසේ වෙච්චි වාර ගණන ගණන් කළ නොහැකියි. නමුත් , මෙය කියවන ඔබත්, ලියන මමත් අද පෙර කරන ලද කුසලයකින් සුගතිගාමී වෙලා, අපිට මනුෂ්‍ය ජීවිත ලැබිලා. කල්ප කෝටි ගණන් නිරයවල් වල දැවී දැවී සිටි, තිරිසන් ආත්ම වල බඩගින්නෙන් මරණ බයෙන් තැතිගෙන සිටි අපට මිනිසත් බවක් ලැබිලා. නමුත් මේක වසර 60-70 ක් තියෙයි වැඩිම වුණොත්, ඊට පස්සේ ??

තථාගත සම්බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා සසර සැරිසරන සත්වයා මහගෙදර කරගෙන ඉන්නේ නිරය බව, කලාතුරකින් සුගතියේ ඇවිත් ඉපදෙනවා, එතකොට ඔක්කොම අමතක වෙලා සැපයට ඇලිලා පව් රැස් කර ගන්නවා, ඉන් චුතවෙලා නැවත දුගතියට ගොස් කල්ප ගණන් ඉන්නවා.අපිට මේ ලැබුණ අවස්ථාවෙන් ප්‍රමාද නොවී ඉක්මණට කුසල් වඩමු, තෙරුවන් සරණ ගොස් , සසර දුකින් එතෙර වීමට වහ වහා කටයුතු කරමු. වෙලාව නැහැ කියා කියා වයස 60 පනිනකම් හිටියොත්, ධර්මයට වෙලාව මදි වෙයි.

අප්‍රමාද වෙන්න ! 
 
 
Related Posts with Thumbnails