Ads 468x60px

.

මීගමුවේ අවිවාහක මෝස්‌තර නිරූපන ශිල්පිනියක්‌ ගණිකා වෘත්තියේ

මෝස්තර නිරූපන ශිල්පිනියක්‌ මෙන්ම ප්‍රධාන පෙළේ ක්‍රීඩිකාවක්ලු...

දේශීය සහ විදේශීය ධනවතුන් මෙම ස්ථානයෙන් ගණිකාවන් සපයලා...

මීගමුව සංචාරක පුරවරයේ පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවාසයක්‌ වටලා ගණිකා වෘත්තියේ යෙදීමට එහි රැඳී සිටි බවට සැකපිට මෝස්‌තර නිරූපන ශිල්පිණියක්‌ සහ එම ගණිකා නිවාසය මෙහෙයවූ කළමණාකාරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් 19 හැවිරිදි මෝස්‌තර නිරූපන ශිල්පිනිය අවිවාහක තරුණියක්‌ බවත්, ඇය මෝස්තර නිරූපන ශිල්පිනියක්‌ මෙන්ම ප්‍රධාන පෙළේ ක්‍රීඩිකාවක් බවද පොලිස් පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.

අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක්‌ මත මීගමුව සංචාරක පොලීසියේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක අතුල ගමගේ මහතා ඇතුළු පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ විසින් මේ වැටලීම සිදුකර ඇත.

දේශීය සහ විදේශීය ධනවතුන් සඳහා මෙම ස්ථානයෙන් ගණිකාවන් සපයා ඇතැයි පොලිසිය කළ මූලික පරීක්‍ෂණවලදී හෙළිවී ති‍බේ.

මෙම සුපිරි ගණිකා නිවාසය ලැගම්හලක්‌ ලෙස පවත්වාගෙන ගොස්‌ ඇති බවත්, එය මෙහෙයවා ඇත්තේ කාන්තාවක්‌ විසින් බවද හෙළිවී ඇත.

මෙම ස්‌ථානයේ සුපිරි ගණිකා නිවාසයක්‌ පවත්වාගෙන යන බවට පොලිස්‌ පරීක්‍ෂක අතුල ගමගේ මහතා වෙත ලද රහසිගත තොරතුරක්‌ මත ධනකුවේරයකු ලෙස උපායදූතයකු යොදා මෙම වැටලීම සිදුකර තිබේ.
 
Related Posts with Thumbnails