Ads 468x60px

.

අලි බඩ යටින් රිංගවීමෙන් විනාශ වී වන දෙවිනුවර පූජාභූමිය

පුරාවිද්‍යා කලාපයක් ලෙසට වෙන් කර ඇති දෙවිනුවර පූජා භූමියේ පුරාවස්තු අද වන විට විනාශ මුඛයට ඇද වැටෙමින් පවතී. 

ඒ ශ්‍රී විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතාගේ, මුදලට අලි බඩ යටින් රිංගවීමේ වෙළදාම් කටයුත්ත නිසාය.


පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ බෞද්ධ කටයුතු අමාත්‍යාංශය විසින් මෙම පූජාභූමි ප්‍රදේශය ඉතා වැදගත් පුරාවිද්‍යා කළාපයක් ලෙස නම් කර විශේෂයෙන් එයට අලි ඇතුන් ඇතුල් කිරීම තහනම් කර

ඇත. එම තහනම නොතකා බස්නායක නිලමේවරයා විසින් මෙම අලියා දේවාල භූමියේ ගැට ගැසීම නිසා පුරාවිද්‍යා වටිනාකමින් යුත් ගල් කණු කිහිපයක් ම විනාශ වී ඇත.


එමෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කැනීම් සිදුකර තව දුරටත් කැනීම් සිදුකළ යුතු බවට දන්වමින් කැනීම් නතර කල ස්ථානයේ මීට ටික දිනකට පෙර ගල් අතුරා නව ඉදිකිරීම් සිදුකොට තිබේ.

දේවාලයේ සේවක පිරිස් මෙයට විරෝධය පෑම නිසා මේ වන විට අලියා දේවාල භූමිය ඉදිරිපිට අනාරක්ෂිත ලෙස ගැටගසා ඇත.මෙම අලියාගේ බඩ යටින් රිංගීමට රුපියල් 50ක් අය කරන අතර මෙම අලියා දේවාලයට අයිති අලියෙකු නොවන බවත් බස්නායක නිලමේවරයාගේ හිතවතෙකු ගේ අලියෙකු බවත් දිනකට රුපියල්25,000 පමණ ආදායමක් මෙම ව්‍යාපාර‍යෙන් ලැබෙන බවත් වාර්තාවේ.

පුරාවස්තු විනාශවී ඇති ආකාරය පහත ඡායාරූප මගින් දැක ගත හැකිය.




 
Related Posts with Thumbnails