Ads 468x60px

.

එක් නිවාසයකට රුපියල් ලක්ෂය බැගින් නියෝජ්‍ය ඇමති සරණගේ කප්පම ලක්ෂ 550 යි

අලුතින් ගොඩනැඟූ නිවාස සංකීර්ණයේ බිත්ති පෙරලලා...

ඛනිජ තෙල් කර්මාන්ත නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධන මහතා ලක්ෂ 550 ක කප්පම් මුදලක් ඉල්ලූ බවත් එයින් ලක්ෂ 50 ක් මේ වනවිටත් තමා විසින් ඔහුට ලබාදී ඇති බවත් ව්‍යාපාරිකයෙකුගෙන් පොලීසිය වෙත පැමිණිල්ලක් ලැබී ඇතැයි වාර්තා වේ.


බත්තරමුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් ඊයේ (09) පෙරවරු කාලයේදී මෙම පැමිණිල්ල පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කර ඇත.

එම පැමිණිල්ලට අනුව සඳහන් වනුයේ අදාළ ව්‍යාපාරිකයා විසින් අත්තනගල්ල, හොරගොල්ල ප්‍රදේශයේ ‘ග්‍රීන්පාත්‘ නිමින් නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කළ බවත් එම නිවාස ව්‍යාපෘතිය ආරම්භ කිරීමේදී අවසර ලබාගැනීමට අත්තනගල්ල ප්‍රාදේශීය සභාවට ගියවිට එයට අවසර ලබාදී ඇත.

පසුව ප්‍රාදේශීය සැලසුම් අධ්‍යයනයන් සඳහා ‘සෙත්සිරිපායට‘ යන ලෙස අත්තනගල්ල ප්‍රාදේශීය සභාවෙන් දැනුම්දී ඇති අතර ඒ කටයුතුද සියල්ල සම්පූර්ණ කර තිබේ.

එහෙත් ඉන් අනතුරුව නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධන මහතා විසින් දුරකථන ඇමතුමක් දී පවසා ඇත්තේ එම භූමියේ නිවාස ව්‍යාපෘතිය ආරම්භ කරන්නට නම් රුපියල් ලක්ෂ 200 ක් ලබාදෙන ලෙසයි. ඒ අනුව තමන් රුපියල් ලක්
50 ක් සහ ලක්ෂ 150 ක දින සහිත චෙක්පත් දෙකක්ද ලබාදී ඇත.

නමුත් ඇමතිවරයා නැවත පවසා ඇත්තේ නිවාස 350 කින් යුත් නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් බාධාවකින් තොරව ගොඩනගනවාට තමන්ගේ මන්ත්‍රීවරුන්ට එක් නිවාසයකට රුපියල් ලක්ෂය බැගින් ලබාදිය යුතු බවත්ය.

මෙම කප්පම් හේතුවෙන් මීට පෙර අවස්ථාවකද නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු මන්ත්‍රී පිරිස පැමිණ අලුතින් ගොඩනැඟූ නිවාස සංකීර්ණයේ බිත්ති පෙරළා දැමු බවත් එය අධිකරණය දක්වා ගිය බවත්ය.

මෙලෙස සිදුවීම් ගණනාවක් සිදුව ඇති අතර නැවත පොලිස් ස්ථානය වෙත නොගොස් පොලිස්පති තුමා වෙතම පැමිණියේ මෙයට සාධාරණයක් අපේක්ෂාවෙන් බවද ව්‍යාපාරිකයා වැඩිදුරටත් පවසා ඇත.
 
Related Posts with Thumbnails