Ads 468x60px

.

මව තමන්ගේම දරුවාගේ දෑසට මිරිස්‌කුඩු ගහලා - දිය පට්‌ටා එනතුරු දෙපා පුළුස්සලා

දරුවා වේදනාවෙන් විලාප දෙයි...
අසල්වැසියන් පොලිසිය සමඟ පැමිණ දරුවාබේරා ගනී... 

අවුරුදු හතරක්‌ වයසැති සිය පුතුගේ දෙපා පුළුස්‌සා, ඇස්‌වලට මිරිස්‌කුඩු ගසමින් අමානුෂික ලෙස වදහිංසා කළ  කාන්තාවක් වැල්ලවාය පොලිසිය විසින් ඊයේ (9 )  අත්අඩංගුවට ගෙන ඇත.

වැල්ලවාය වදිනහෙළයාය ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව ඊයේ සවස අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබු අතර සිද්ධියට මුහුණ පෑ දිලිප් නමැති දරුවා ප්‍රතිකාර සඳහා වැල්ලවාය රෝහල වෙත ඇතුළත් කර ඇත.

මේ දරුවා අසල්වැසි නිවසේ දරුවන් සමඟ නිතරම සෙල්ලම් කිරිමට යන නිසා මෙලෙස වද හිංසා පැමිණවූ බව අත්අඩංගුවේ පසුවන මව පොලිසිය ට කටඋත්තරයක් ලබා පවසා තිබේ. වදහිංසාවලට ලක්‌ව මෙලෙස රෝහල්ගත කර සිටින දරුවාගේ පියා වෙනත් කාන්තාවක සමඟ විවාහ වී සිටීයි.

ඉන් අනතුරුව මවද වෙනත් පුද්ගලයකු සමඟ විවාහ වි සිටින අතර ඔහුටද දාව ඇයට වයස අවුරුදු 2 ක පමණ දරුවෙක්‌ සිටී.මෙම සුළු පියාත්, ඔහුගේ දරුවාත්, බිරිඳත් වධ හිංසාවලට ලක්‌වූ දරුවාත් එකම නිවසේ පදිංචිව සිටින අතර දිගු කලක සිටම මෙම දරුවාට මව විසින් කෙනහිලිකම් හා වධ හිංසා පමුණුවන බව අසල්වැසියෝ කියති.

මෙම සිද්ධීන් ඉවසාගත නොහැකිව පෙරේදා (8 දා) ප්‍රදේශවාසීන් විසින් මේ පිළිබඳව 119 දුරකථන අංකය මගින් පොලිසියට දන්වා ඇත. එම නිවසට පොලිසිය පැමිණෙන විටත් දරුවා ඇවිද ගත නොහැකි තත්ත්වයට පත්ව දැඩි අසරණ තත්ත්වයට පත්ව සිට ඇත.

පිළිස්‌සීමට ලක්‌වූ දෙපාවල දිය පට්‌ටා නැගී තිබියදී අසල ගසකින් කජු ඇට ඇහිඳගෙන එන ලෙස එම මව දරුවාට බලපෑම් කර ඇත. එය ඉටු නොකිරිම නිසා කෝපයට පත්වූ මව මෙලෙස දරුවාගේ දෑසට මිරිස්‌කුඩු ගසා වද හිංසා පමුණුවා ඇති බව පැවසේ.

මවගේ මෙම හිරිහැර ඉවසා දරාගත නොහැකි වූ දරුවා වේදනාවෙන් විලාප දී තිබෙන අතර අසල්වැසියන් පොලිසිය සමඟ පැමිණ දරුවාගේ දෙනෙත් සෝදා මිරිස්‌ කුඩු ඉවත්කර තිබේ. සිද්ධිය පිළිබඳ වැල්ලවාය පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
 
Related Posts with Thumbnails