Ads 468x60px

.

දුෂණය කොට මරා දැමු සෙබලා...

ලංකාවේ සාමාන්‍යයෙන් දුෂණය කොට මරා දමන්නේ කුඩා දැරිවියන් සහ කාන්තාවන්ය. නමුත් යුද හමුදාවේ උසස් නිලධාරියෙකු විසින් සොල්දාදුවෙකු දුෂණය කොට මරා දමන ලද සිද්ධියක් පිළිබඳව කරුණු දිගහැරෙමින් පවතී. මේ අපරාධයට ගොදුරු වී තිබෙන්නේ නාත්තන්ඩිය ප්‍රදේශයේ   මදුසංක නමැති සෙබළෙකි. 


මේ සෙබලා වව්නියාවේ සිටියදී ඔහුට උසස් නිලධාරියෙකු විසින් ලිංගික බලහත්කාරකම් කරන බවට කිහිප විටක්ම තමන්ගේ මවට පවසා තිබුණි. මේ අතවර නිසා යුද හමුදාවෙන් ඉවත් වීමට තීරණය කොට සිටි මෙම සෙබලා මිය ගිය බවට හදිසියේම  ඔහුගේ මවට කඳවුරෙන් පණිවිඩයක් ලැබේ. 

මේ ගැන සොයා බැලීමේදී කඳවුරේ නිලධාරීන් ප්‍රකාශ කොට ඇත්තේ මෙම සෙබලා බංකරයේ සිටියදී සියදිවි නසා ගත් බවයි. නමුත් අධිකරණ පරීක්ෂණයේදී  සෙබල  මදුසංකගේ ඉළ ඇට කීපයක්ද කැඩී තිබෙන බව හෙළි වී තිබු නිසා නැවත මළ සිරුර ගොඩ ගෙන පරීක්ෂණයක් පැවැත්වීමට නියම කරන ලදි. 

දැනට පුරා වසර දෙකක් මේ සෙබලාගේ මව වන ආරියවතී මහත්මිය යුක්තිය සොයමින් වගකිවයුත්තන් වෙත අයාචනා කලද තවමත් ඇයට යුක්තිය ඉටු වී නැත. සෙබල මදුසංකගේ මරණය පිලිබඳ යුද හමුදාව , මුලතිව් පොලිසිය නිසි අයුරින් පරීක්ෂණ නොපැවැත්වූ බව එම සෙබලාගේ මව චෝදනා කරයි. 

උසස් නිලධාරීන් විසින් යුද හමුදාවේ සෙබළුන් දුෂණය කිරීම බොහෝ කාලයක් පුරා පවතින බවත් මේ නිසා විශාල සෙබළුන් පිරිසක් යුද හමුදාව හැරගොස් තිබෙන බවත් සමහරු දිවි නසාගෙන හෝ අපරාධ හෙළි නොවීම සඳහා ඝාතනය කොට ඇති බවත් යුද හමුදාවේ හිටපු උසස් නිලධාරියෙකු පවසයි. 

තමන් යුද හමුදාවේ සිටියදී මෙවැනි  පිළිකුල් සහගත ක්‍රියා  වලට  විරුද්ධව පියවර ගත් නමුත් බොහෝ විට හමුදාවේ කිර්ති නාමයට කැළලක් ලෙස සලකා මෙවැනි  අපචාර යට ගැසීමට උසස් නිලධාරීන් බොහෝ විට කටයුතු කරන බව මෙම නිලධාරියා වැඩිදුරටත් පෙන්වා දෙයි.

තමන්ගේ පුතාට ලිංගික අතවරයක් කොට මරා දැමීම පිලිබඳ  නාත්තන්ඩියේ ආරියවතී මහත්මිය කියන කතාව බලන්න (හමුදා සෙබළුන් අඹුකමට ගත් ලොක්කෝ කවුද?-Video  http://sinhala.srilankaxnews.com/index.php/out-of-focus/item/1684-)


( Sri Lanka X News අනුග්‍රහයෙනි )

- දර්ශිනි විමලසුරිය
 
Related Posts with Thumbnails