Ads 468x60px

.

මුහුදුබත් වු නැවෙන් කාන්දුවන තෙල් මීගමුවට...

පානදුර , මීගමුව සහ කොළඹ වෙරළෙන් කිලෝමීටර 4 ක් පමණ එපිටින් තෙල් තට්ටුවක්...

පානදුර මුහුදේ නැංගුරම්ලා තිබියදී මුහුදුබත් වු නැවෙන් කාන්දුවන තෙල් මීගමුව ප්‍රදේශයේ වෙරළ තීරයට පැතිර ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඊයේ (23) දහවල් මෙම නෞකාව සම්පූර්ණයෙන්ම ගිලුණු අතර එම නෞකාවේ තිබු තෙල් කාන්දුවීමත් සමඟ මේ වන විට වෙරළ තීරය දෙසට ද එම තෙල් පැතිර යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

තුනී තෙල් තට්ටුවක් ‍එම මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව දක්නට ඇති බවත්

මේ පිළිබඳව සමුද්‍රජීවි ආරක්ෂණ අධිකාරියේ ද සහයෙන් අධ්‍යයනය කරන බවත් ඔහු පැවසුවේය.

මුහුදුබත් වූ නෞකාවෙන් කාන්දු වන තෙල් පානදුර / මීගමුව සහ කොළඹ දෙසට විසිරෙමින් මේ වන විට වෙරළෙන් කිලෝමීටර 4 ක් පමණ එපිටින් තෙල් තට්ටුවක් පවතින බවට තොරතුරු වාර්තාවේ.

එලෙස විසිරෙන තෙල් මගින් වෙරළට සිදුවිය හැකි හානි අවමකිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාරග ගනිමින් සිටින බවටත් අපට තවදුරටත් වාර්තාවේ.

කෙසේ වෙතත් ඕනෑම හදිසි අවස්ථාවක් වුවහොත් ත්‍රිවිද හමුදාවේ ද සහය ලබා ගන්නා බවත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පැය 24 පුරා අදාළ අංශ සුදානමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.




 =============//=============

අධිකරණ හේතුමත පානදුර මුහුදේ නැංගුරම් දමා තිබූ නැව ගිලෙන්නට පටන් අරන් (පින්තුර)

වසර තුනක් මුහුදේ නැංගුරම් දා තිබීම නිසා නෞකාව දිරලාලු...

මෙහි ටොන් 25 ක්‍රේන් දෙකක් හා ටොන් 35 ක්‍රේන් එකක් තිබෙනවා...

සයිප්‍රස් රජයට අයත් "තර්මොපිලී සියෙරා" නෞකාව අධිකරණ හේතු මත පසුගිය වසර 3ක කාලයක් පානදුර මුහුදේ නැංගුරම් දා තිබූ අතර මේ වනවිට එය ගිලෙන්නට පටන්ගන තිබෙනවා.

අද උදෑසන 10.30 ට පමණ ගත් පහත ජායාරූප වලින් පැහැදිලි වන ආකාරයට එය අද දිනය තුළදී සම්පූර්ණයෙන් මුහුදු පතුලට ගිලා බැසීමට නියමිතයි.

මෙහි ටොන් 25 ක්‍රේන් දෙකක් හා ටොන් 35 ක්‍රේන් එකක් තිබෙන අතර මේ වනවිට ටොන් 35 ක්‍රේන් එකේ බොහොමයක් පවතින්නේ ජලයෙන් යටය.

ටොන් 15,612ක් බර මෙම නෞකාව මීටර් 155ක දිගින් හා මීටර් 27ක පලලින් යුක්ත වන අතර මෙහි දැවි තෙල් මෙට්‍රික් ටොන් 370ක් පමණ තිබුණා.

වසර තුනක් මුහුදේ නැංගුරම් දා තිබීම නිසා දිරායමින් තිබූ නෞකාවට පසුගිය මැයි මාසයේදී අධිකරණ නියෝගයක් ලැබී තිබුණේ "මාස්ටර් ඩයිවර්ස්" සමාගමට භාරදී එය ත්‍රීකුණාමලයට රැගෙනගොස් අලුත්වැඩියා කිරීමටය. නමුත් එවැන්නක් සිදු නොවූ අතර එම නෞකාවේ වූ ඉන්ධන ඉවත්කිරීමක් හෝ සිදුවූ බව වාර්තා වුනේ නැහැ.

මෙම නෞකාව අද මුහුදු බත්වීමෙන් පසුව එහි ඉන්ධන තිබුනේ නම් එය ශ්‍රී ලංකාව අවට මුහුදේ සාගර ජීවීන්ගේ පැවැත්මට තර්ජනයක් වනු නොඅනුමානය.


නැව ගිලාබසිමින් තිබෙන ජායාරූප පහතින්.


















ගිලෙන්නට පෙර නෞකාව

 
Related Posts with Thumbnails