Ads 468x60px

.

ඇතින්න ලගට යන්න ‍නොදුන්නාට ඇත්ගොව්වාට දළෙන් අනියි...

ඇත්ගොව්වා උස්සා ඉවුරේ ඇනලා..

මහනුවර දළදා මාලිගයේ ඇත් පංතියට අයත් ඇතෙකුගේ දරුණු දළ පහරට ලක්වූ ඇත්ගොව්වෙකු බරපතල තුවාල ලබා කෑගල්ල ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇත.

මෙසේ ඇතාගේ පහර කෑමට ලක්වී ඇත්තේ රඹුක්කන, කොටගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන වෛද්‍යරත්න ආරච්චිලාගේ සනත් උදයකාන්ත (32) නම් අයෙකි.පින්නවල,රඹුක්කන නගරයේ මීදුම ප්‍රදේශයේ පිහිටා ඇති ශ්‍රී දළදා මාලිගාවේ ඇත්පන්තියේ සිටි මේ දළ ඇතා’මියන්මාර් රාජා’වේ. 

මියන්මාර් දේශයෙන් තෑගි ලැබුණ මෙම ඇතා
මහියංගනයේ පැවැත්වෙන පෙරහර සඳහා ගෙන යාමට තීරණය වී තිබූ බැවින් ඌ නාවා පිරිසිදු කිරීමට ඇත්ගොව්වා ඇතා ද රැගෙන කොටගම,කුඩාඔයට පැමිණ ඇත. කුඩාඔය ඉවුරේ දී තවත් ඇතින්නක් සිටි අතර එම ඇතින්න අසල නවතින්නට ඇතා උත්සහ කර ඇතත් ඇත්ගොව්වා ඒ බවක් නොදැන ඇතා ඔයට ගෙන ගොස් ඇත. 

ටික වේලාවක් ඇතා නාවමින් සිටියදී ඇතා තම දිගු දළයෙන් ඇත්ගොව්වාගේ උදරයට එක්වරම ඇන ඇත. එම පහර කොතරම් දරුණු ද වීදයත් දළය ඔහුගේ සිරුරේ අනෙක් පසින් එළියට පැමිණ තිබේ. දළයේ පැටලුන ඇත්ගොව්වා උස්සා ඉවුරේ ද ඇන්න ඇතා යළි ඈතට සිරුර විසිකර දමා ඇත. මෙම අවස්ථාවේ කුඩා ඔයේ සිටි සෙසු ඇත්ගොව්වන් සහ ඉවුරේ සිටි පිරිස් ඇතාට පිටතට යන්න ඉඩ නොදී රැකවල්ලා තිබේ.

මෙම සිද්ධිය ආරංචි වූ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතා වහාම තවත් ඇත්ගොව්වන් සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශූ වෛද්‍ය පීඨයේ වෛද්‍ය දන්ගොල්ල මහතාවද කැටුව එම ස්ථානයට පැමිණ ඇතා මෙල්ල කර ඔයෙන් උඩට ගෙන ඔය අසලම ගසක බැඳ දමන ලදි. තුවාල ලැබූ ඇත්ගොව්වා මේ වනවිට කෑගල්ල ශික්ෂණ රෝහලේ බරපතල තත්ත්වයේ පසුවෙයි.
 
Related Posts with Thumbnails