Ads 468x60px

.

නිෂ්පාදන කණ්ඩායම එක්ක පැටලී අනර්කලී ඉටිමල් ටෙලියෙන් ඉවතට විසිවෙයි...

රංජන් අයියා දැන් වැටිලා... අනර්කලී

රන්ජන් අයියා වැටෙන් නෑ.. දැනුත් උඩ ඉන්නේ... එහි සිටි කොළුවෙක්

අනර්කලී අඬාගෙන බුද්ධික කුලසේකර ලඟට යයි... 

ජනපි‍්‍රය චිත‍්‍රපට නිළි, දකුණු පළාත් සභා මන්තී‍්‍රනී අනර්කලී ආකර්ශා මේ දිනවල රගන ඉටිමල් ටෙලියේ නිෂ්පාදන කණ්ඩායම සමග දබරවී ඇතැයි අප වෙත වාර්තා වෙනවා.මෙම දබරය ඇතිවී ඇත්තේ ජනපි‍්‍රය නළු හා පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක සමච්චලයට ලක් කිරීමට අනර්කලී ගත් උත්සාහයක් ව්‍යර්ථවීම නිසා බවද පැවසේ.

ඉටිමල් ටෙලියේ රූගත කිරීමක් අතර ලැබුණු විවේකයකදී

අනර්කලී ‘රංජන් අයියා දැන් වැටිලා’ යැයි රන්ජන්ගේ දේශපාලන වැඩසටහන් හාස්‍යට ලක් කිරීමට උත්සාහ කර ඇතත් ඒ සඳහා එහි සිටි නිෂ්පාදන කණ්ඩායම් සාමාජිකයන් කිසිවෙකුගෙන් අනර්කලීට සහයක් ලැබී නොමැත.

‘රන්ජන් අයියා වැටෙන් නෑ.. දැනුත් උඩ ඉන්නේ....’යනුවෙන් එහි සිටි එක් කොළුවෙකු අනර්කලීට පවසා තිබේ.මේ ප‍්‍රකාශයත් සමග අනර්කලී එහි සිටි සියලුදෙනා සමග දිගට හරහට බැනගෙන ඇත.පසුව ඇය මෙම ටෙලියේ විධායක අධ්‍යක්‍ෂ බුද්ධික කුලසේකර වෙත අඬාගෙන ගොස් තමාට වූ අලකලංචිය පවසා ඇතැයි ද වාර්තා වේ.

බුද්ධිකද එය තුට්ටුවකට ගණන් නොගත් බවද ස්වර්ණවාහිනී අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. කෙසේවුවද අනර්කලී දුම්මලවරම අතට ගෙන ඇත්තේ පිටපොට පටලාවාගෙන බවද මේ වන විට හෙළිවී තිබේ.

අර කොළුගැටයා ‘රන්ජන් දැනුත් උඩ ඉන්නේ යනුවෙන් පවසා ඇත්තේ’රන්ජන් ඒ වන විට මේසයක් උඩ සිටින දර්ශනයක් සඳහා පෙනී සිටීමට සූදානමින් සිටි නිසා බව පැවසේ.එසේම ඔහු ‘දැනුත් උඩ ඉන්නේ’ යනුවෙන් පවසා ඇත්තේ රන්ජන් මේසය උඩ සිටි නිසා බව ද වාර්තා වේ.

කෙසේවුවද අනර්කලීගේ හැසිරීම් රටාව නිසා ඇය ‘ඉටිමල්‘ ටෙලියෙන් ඉවත් කිරීමට තීරණය කර ඇතැයිද මේ අතර වාර්තා වේ.ඉටිමල් හි ‘ආදිත්‍ය’ නම් වූ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයාගේ චරිතයට ජනප්‍රිය නළු රන්ජන් රාමනායක පණ පොවන අතර ‘පූජා’ නම් චිත්‍රපට නිළිය අනර්කලී ආකර්ශාය.

සුරන්ජන් විජයනාම නම් වූ ප්‍රකට ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂවරයා විසින් අධ්‍යක්‍ෂණය කර ඇති ඉටිමල්. සතියේ සඳුදා සිට සිකුරාදා දක්‌වා රාත්‍රි 8.30 ට ස්‌වර්ණවාහිනියෙන් විකාශය වේ. චිත්‍රපට සහය අධ්‍යක්‍ෂවරයකු ලෙස කටයුතු කරමින් නිර්මාණ කලාවට පිවිසි සුරංජන් ලාංකීය ටෙලිනාට්‍ය කලාවේ වෙනස්‌ මගක නිර්මාණයකට දායක වෙමින් ‘යර්ස්‌ බොස්‌ග’ දීර්ඝ මාලා නාටකයද අධ්‍යක්‍ෂණය කළේය.

මනෝ මන්දිර, ඉසුරු නිධානය, පාරා වළල්ලල මකර දඩයම වැනි ටෙලි නාට්‍ය රැසක්‌ද ඔහු විසින් අධ්‍යක්‍ෂණය කර තිබේ. සම්මානනීය ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දෙණිය සමග බුද්ධික ජයරත්න, කාංචන කොඩිතුවක්‌කු, විල්සන් කරූ, අජිත් වීරසිංහ, නිරෝෂා තලගල, බියංකා පොන්සේකා, සංගීතා බස්‌නායක, විශ්වනාත් විඡේසූරිය, අමෙන්ඩා ඇතුළු නළු නිළි පිරිසක්‌ මේ සඳහා රංගනයෙන් දායක වෙති.

දිලීප පුස්‌සැල්ල කැමරාකරණයෙන්ද ඩබ්ලිව්. ජයතිස්‌ස රචනයෙන්ද මේ සඳහා එක්ව සිටිති.




http://imageshack.us/a/img855/1549/ranjan6.jpg
http://imageshack.us/a/img39/7136/ranjan3.jpg
 Anarkali Akarsha cute photos, Anarkali Akarsha Sexy photos, Anarkali Akarsha hot photos 
 Anarkali Akarsha cute photos, Anarkali Akarsha Sexy photos, Anarkali Akarsha hot photos 

 Anarkali Akarsha cute photos, Anarkali Akarsha Sexy photos, Anarkali Akarsha hot photos 

 Anarkali Akarsha cute photos, Anarkali Akarsha Sexy photos, Anarkali Akarsha hot photos 

 Anarkali Akarsha cute photos, Anarkali Akarsha Sexy photos, Anarkali Akarsha hot photos 

 Anarkali Akarsha cute photos, Anarkali Akarsha Sexy photos, Anarkali Akarsha hot photos
 
 
Related Posts with Thumbnails