Ads 468x60px

.

අවුරුදු දෙකහමාරේ දියණියට "කාක්කො පෙන්නන සෙල්ලම" පෙන්වූ පියාට වැඩ වරදියි...

හැමදාම බැල්කනියේ පාළු තැනකට දැරිය අරන් යනවලු...

පැමිණි පසු දියණියගේ ඇග සේදීම පුරුද්දක් ලෙස කරනවලු...

බැල්කනියේ උඩ සිට පහළට එද්දී දැරිය අඬනවලු...

අවුරුදු දෙකහමාරක කුඩා දැරියක් ලිංගික අතවරයකට ලක් කළ පියෙකු පිළිබඳ  ඊයේ (23)  කොළඹදී විභාගවූ නඩු විභාගයකදී හෙළිදරව් විය. ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේ පදිංචි මෙම පියා ජෝර්දාන් ජාතිකයෙකු වන අතර,  ඔහු ලංකාවේ කාන්තාවක් සමග විවාහවී සිටියි.

ජෝර්දානයේ ගෘහ සේවිකා රැකියාවකට ගොස් තිබියදී ඔවුන් මුණ ගැසීමෙන් පසු ජෝර්දාන් ජාතිකයා එම රට අතැර බිරිය සමග ලංකාවේ පදිංචියට පැමිණ ඇත්තේ මින් වසර කිහිපයකට පෙරය. ඔවුන්ට සිටින එකම දැරියගේ වයස දෙකහමාරකි.

බොහෝ දිනවල මේ ජෝර්දාන් ජාතික පියා සවස වැඩ ඇරී පැමිණි පසු

දියණිය වඩාගෙන කාක්කෝ පෙන්නන්න කියමින් ඉහළ මාලයේ බැල්කනියක් දෙසට පිය නගන බවත්, නැවත පැමිණි පසු දියණියගේ ඇග සේදීම පුරුද්දක් ලෙස කරන බවත් දැරියගේ මව නිරීක්ෂණය කර ඇත.

එසේම, බොහෝ දිනවල දැරිය උඩ සිට පහළට එද්දී අඬන බවද මවට නිරීක්ෂණය කර ඇත.

මෑත දිනක  දැරිය පරීක්ෂා කිරීමේදී වයස දෙකහමාරේ දැරියගේ සිරුරේ යට කොටසේ තිබෙන අසාමාන්‍ය තුවාල සහ සීරීම් ගැන මවට සැකයක් ඇතිව තිබෙන අතර, මේ ගැන ප‍්‍රශ්න කළත් දැරියගේ පියා නිසොල්මන්ව සිට ඇත.

එක් දිනෙක මේ ‘කාක්කො පෙන්නන සෙල්ලම’ කුමක්දැයි බලන්නට දැරියගේ මව හොරෙන් ඉහළ මාලයේ බැල්කනියට ගොස් තිබෙන අතර බැල්කනියේ පාළු තැනකට දැරිය ගෙන ගොස් පියා විසින් ඇයව අපයෝජනය කරන අසාමාන්‍ය දර්ශනය ඇය දැක තිබේ.

වහාම ක‍්‍රියාත්මක වූ ඇය දැරිය ඔහුගෙන් උදුරාගෙන දිව ගොස්  ග‍්‍රෑන්ඞ් පාස් පොලිසියටද පැමිණිළි කර ඇත.පොලිසිය පැමිණ දැරියගේ පියා අත්අඩංගුවට ගෙන ඊයේ උසාවියටය කැඳවූ පසු ජෝර්දාන් ජාතික පියා වරද පිළිගනු ලැබිය.

ඔහුව තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නට උසාවිය නියම කළේය.
 
Related Posts with Thumbnails