Ads 468x60px

.

නිරුවත් ඡායාරූප ප්‍රසිද්ධ නොකරන්න ලක්‍ෂ 5 ක කප්පම් ඉල්ලූ දෙදෙනා රක්‍ෂිතයට

සිද්ධිය ප්‍රචාරය වීමත් සමඟ
 
රියෑදුරු විදේශ ගත වෙයි...

සිසුවිය පාසලෙන් ඉවත් කරයි...

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලිකා විදුහලක අධ්‍යාපනය ලැබූ සිසුවියකගේ හා පාසල් වෑන් රථ රියෑදුරකුගේ නිරුවත් දර්ශන ඇතුළත් ඡායාරූප ප්‍රසිද්ධ නොකිරීමට රුපියල් ලක්‍ෂ 5 ක කප්පමක්‌ දුරකථන මගින් එම දෙමවුපියන්ගෙන් ඉල්ලූ රාගම ඇටකොරස ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු නොබෝදා රාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පුවත අප ඔබ වෙත ගෙන ආවා.

එම දෙමවුපියන් රාගම පොලිස්‌ ස්‌ථානයට කරන ලද පැමිණිල්ලකට අනුව දුරකථන අංක ඔස්‌සේ කරන ලද පරීක්‍ෂණ මත අත්අඩංගුවට ගත්
තරුණයන් සතුව එම දර්ශන ඇතුළත් ලැප්ටොප් පරිගණකයක්‌ද තිබී ඇත. අවුරුදු 20, 21 වයසේ පසුවූ තරුණයන් දෙදෙනාගෙන් එක්‌ අයකු පළාත් සභා මන්ත්‍රීවරයකුගේ සහයෝගය මත කඳාන ප්‍රදේශයේ පෞද්ගලික පාසලක තාවකාලික ගුරුපත්වීමක්‌ ලැබූ අයෙකි.

මීට මාස කීපයකට පෙර පාසල් වෑන් රථ රියෑදුරකු හා සිසුවිය සම්බන්ධ මෙම නිරුවත් දර්ශන ඇතුළත් ඡායාරූප ලබාගෙන ප්‍රදේශය පුරා ප්‍රසිද්ධ කර ඇති බව සඳහන් වේ. මේවන විට මෙම රියෑදුරු විදේශ ගත වී ඇත. මෙම දර්ශන ලබාගත් තරුණයන් දෙදෙනා සිද්ධියට අදාළ දෙමවුපියන් බියගන්වා රුපියල් ලක්‍ෂ 5 ක කප්පමක්‌ ලබාගැනීමට උත්සාහ කිරීමේදී පොලිස්‌ අත්අඩංගුවට පත්විණි.

සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ රාගම පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක රොහාන් පුෂ්පකුමාර මහතාගේ උපදෙස්‌ මත සිදුකරයි. මෙම සිද්ධිය ප්‍රචාරය වීමත් සමඟ මෙම සිසුවිය පාසලෙන් ඉවත් කර ඇති බවද ආරංචි මාර්ග සඳහන් කරයි.


දුව සමග එකට සිටින නිරුවත් දර්ශන ප්‍රසිද්ධ නොකර විනාශ කිරීමට නම් ලක්‍ෂ පහක්‌ ඕනෑ...
 
Related Posts with Thumbnails