Ads 468x60px

.

නඩුවට පැමිණියේ නැතැයි පබාට වරෙන්තු..

ටික වේලාවකට පසු නඩුවට ඇවිත්...
ඒත් නඩුව නැවත විභාගයට අරන් නෑ...

ගම්පහ දිස්ත්‍රික් පර්ලිමේන්තු මන්ත්‍රීනී උපේක්‍ෂා ස්වර්ණමාලි (පබා) මහත්මියට වරෙන්තු නිකුත් කර ඇතැයි වාර්තා වෙනවා.

නුගේගොඩ මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු අජිත් එම්. මාසිංහ මහතා විසින් ඊයේ 11 දින
මෙම නියෝගය සිදුකර තිබෙනවා.

තමාට පහරදී තුවාල සිදුකරන ලදැයි ඇගේ සැමියාට එරෙහිව පැවැරුණු නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී පැමිණිලිකාර ස්වර්ණමාලි මහත්මිය හා ඇගේ සැමියා වන මහේෂ් චමින්ද මහතා පැමිණ නොසිටි අතර එහිදී මහෙස්ත්‍රාත්වරයා දෙදෙනාටම වරෙන්තු නිකුත් කර තිබෙනවා.

අදාළ නඩුව සමථයකට පත්කර ගන්නවාද එසේ නොමැති නම් විභාගයට ගන්නවාද යන්න පිළිබඳ එම දෙපාර්ශ්වයේ නීතිඥවරු විසින් ඊයේ දිනයේදී අධිකරණයට කරුණු දැක්වීමට නියමිතව තිබී ඇති බවද පැවසෙනවා.

කෙසේ වුවද නඩුව කැඳවූ අවස්ථාවේ අධිකරණයේ පෙනී නොසිටි මෙම දෙදෙනාම ඊට  ටික වේලාවකට පසු අධිරණයට පැමිණියද නැවත නඩුව විභාගයට ගෙන නැති බවද වාර්තා වෙනවා.
 
Related Posts with Thumbnails