Ads 468x60px

.

අතුරුදන් 14 හැවිරිදි පාසල් සිසුවිය ගැන විදුහලේ විදුහල්පතිනිය කියන කතාව...

මෙම සිද්ධිය සමහර ජනමාධ්‍ය විදුහල අපහසුතාවට පත් කරන්නට උත්සහ දරනවලු...

ටික දවසකින් ආච්චිට කෝල් එකක් දී විස්තර කියන්නම් කියල ලියුමක් ලියලා...

බාල වයස්කාර පාසල් සිසුවියක් ඉකුත් 08 වැනිදා සිට අතුරුදන් බවට පැමිණිල්ලක් 09 වැනිදා මාතර පොලිසිය වෙත ලැබී තිබෙනවා. මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ දැරියගේ භාරකාරිය වන ඇගේ මිත්තණිය විසිනි. 

උඩුගොඩ වාසනා සඳමාලි නැමැති 14 හැවිරිදි පාසල් සිසුවිය මෙසේ අතුරුදන් වී තිබෙනවා. ඇය මාතර, මහමායා විදුහල් 10 වසරේ අධ්‍යාපනය ලබමින් සිට තිබෙනවා. පොලිසියට කළ පැමිණිල්ල අනුව ඉකුත් 08 වැනිදා ඇය පාසල් යන බව පවසා උදයේ නිවසින් පිටත් වී පැමිණ ඇතත් ඇය පාසලට පැමිණ නැති බව පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.

 
මෙම දැරියගේ මව මැදපෙරදිග රටක සේවය කරන අතර පියා කොළඹ රුකියාවක් කරයි. ඇගේ භාරකාරත්වය පැවරී තිබී ඇත්තේ මිත්තණියටය. මෙම සිද්ධිය පිළිබඳ මාතර මහමායා විදුහලේ විදුහල්පතිනියගෙන් අප කළ විමසීමක දී ඇය පවසා සිටියේ මෙම සිසුවිය ඉකුත් 04 වැනිදා සිට පාසලට පැමිණ නැති බව පැමිණීමේ ලේඛණවලින් සොයා ගත් බවයි. 

මෙම සිද්ධිය සමහර ජනමාධ්‍ය උලුප්පා පෙන්වමින් මහමායා විදුහල අපහසුතාවට පත් කරන්නට උත්සහ දරන බව ඇය පැවසුවාය. එබැවින් මේ සිද්ධිය ගැන කිසියම් අනාවරණය කිරීමක් සිදුකළ යුතුව තිබෙන බව පෙන්වා දුන් විදුහල්පතිනිය මෙම දැරිය අධ්‍යාපනය ලබන්නට එතරම් උනන්දුවක් නොතිබුණ, කඩින්කඩ පාසලට පැමිණි සිසුවියක් බව පාසල් පරිපාලනය විසින් සිදුකළ සොයා බැලීම්වලදී අනාවරණය විණැයි පැහැදිලි කළාය. 

ඇය නොකඩවා පාසල් නොපැමිණීම සම්බන්ධයෙන් ඇගේ භාරකරුවා වන මිත්තණිය දැනුවත් කළ බවත් අ.පො.ස. (සා.පෙ) විභාගය සඳහා පෙනී සිටීමට නියමිතව සිටි මෙම සිසුවිය පාසල් එවන්නට සැලකිලිමත් වන ලෙසට මිත්තණිය මීට පෙර පාසල් පරිපාලනය විසින් දැනුවත් කර තිබූ බවත් කීවාය. 

කෙසේ වෙතත් මෙම සිසුවිය ඉකුත් 04 වැනිදා සිට පාසලට පැමිණ නැති බව පැමිණීමේ ලේඛණ අනුව පෙනී යන බවත් ඒ අනුව 11දා උදේ සිසුවියගේ භාරකාරිය වන මිත්තණිය දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගනිමින් තොරතුරු විමසා සිටි බවත් කීවාය. 

එම අවස්ථාවේ දී මෙම මිත්තණිය තමාට පැවසුවේ සිය මිණිබිරිය ලියුමක් ලියා තබා ගොස් ඇති බවත් ටික දවසකින් ආච්චිට කෝල් එකක් දී විස්තර කියන බවත් ය. ඒ අනුව මෙම සිසුවියගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් මහමායා විදුහලට කිසිම සම්බන්ධයක් නැති බව පෙන්වා දුන් විදුහල්පතිනිය මෙවැනි සිදුවීම් මාතර දිස්ත්‍රික්කය පුරා සුලබව සිදුවන බවත් මීට වගකිව යුත්තේ දෙමව්පියන් බවත් පැවසුවාය.
 
Related Posts with Thumbnails