Ads 468x60px

.

දුරකථනයෙන් බැන්නයි තරුණියක් සාරි පොටෙන් ගෙල වැළලාගෙන...

ඇයගේ ජංගම දුරකථනයට ඇමතුමක්...
එම ඇමතුම මඟින් ඇයට කවුදෝ බැණ වැදීලා..

වැල්ලවාය ප්‍රාදේශීය සභාවට අයත් අතහැර දමා තිබූ නිල නිවාසයක ප්‍රාදේශීය සභාවේ වැඩ කරන කම්කරු කාන්තාවකගේ දියණියක් ඊයේ 11 දා රාත්‍රියේ ගෙල වැළලා ගෙන මියගොස් තිබෙනවා. 

මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 16 ක් වයසැති එස්. සිවරානි නැමැති තරුණියකි. ඇය දින තුනකට පෙර හපුතලේ ප්‍රදේශයේ සිට පැමිණ ඇති අතර ඊයේ රාත්‍රියේ ඇයගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබී තිබෙනවා එම ඇමතුම මඟින් ඇයට කවුදෝ බැණ වැදී ඇතැයි කියනවා.

අද 12  දා උදෑසන ඇගේ මව මුළුතැන් ගෙට ගොස් බලන විට
එහි බාලකයක සාරි පොටකින් මෙම තරුණිය ගෙල වැළලා ගෙන මියගොස් සිටි බව දැක කෑ ගසා තිබෙනවා. 

මෙම නිල නිවාසය වැල්ලවාය ප්‍රාදේශිය සභාවට අයිති අතහැර දැමූ ගොඩනැගිල්ලකි. එම ප්‍රාදේශීය සභාවේ වැඩ කරන කම්කරුවන්ට මෙහි තාවකාලිකව නතර වීමට අවසර ලබා දී තිබුනා. එහි පදිංචි වී සිටි පවුලක තරුණියක් මෙසේ ගෙල වැළලා ගෙන තිබෙනවා. 

මෙම සිද්ධිය පිළිබඳ වැල්ලවාය පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබෙනවා. වැල්ලවාය හදිසි මරණ පරික්ෂක මහතා එම ස්ථානයට පැමිණ පරික්ෂණ අරඹා තිබෙනවා.
 
Related Posts with Thumbnails