Ads 468x60px

.

ලෝකාන්තයෙන් පැන්න කාන්තාවගේ මළසිරුර මිසින්.

නිවසේ අය සමග අමනාප වී කාන්තාව ඊයේ දහවල් නානුඔයට ඇවිල්ලා...

ත්‍රීරෝද රථයක් කුලියටගෙන හෝර්ටන්තැන්නට ඇවිත්...

"මම එනකන් ඉන්න" ත්‍රීරෝද රථ රියදුරුට කියලා...

ඊයේ (11) සවස කාන්තාවක් ලෝකාන්තයෙන් පැන සියදිවි නසාගෙන තිබෙනවා. මෙම කාන්තාවගේ මළ සිරුර තවමත් සොයාගෙන නැහැ. ඇයගේ මළ සිරුර සොයා ගැනීම සඳහා පොලීසි කිහිපයක් අද උදේ සිට ඒකාබද්ධව පරීක්ෂණයක් ආරම්භ කොට තිබෙනවා.

මෙම කාන්තාව පී.නානායක්කාර නැමැති 70 හැවිරිදි අයෙකි. ඇය පදිංචි වී සිට ඇත්තේ කුලියාපිටිය, ඌරුපිටිය, රවිතුර නිවස දරන ස්ථානයේ ය. මෙම නිවසේ අය සමග අමනාප වී කාන්තාව ඊයේ දහවල් නානුඔයට පැමිණ තිබෙනවා

එතැනින් ත්‍රීරෝද රථයක්
කුලියට ලබා ගෙන දහවල් 1.30 ට පමණ හෝර්ටන්තැන්නට පැමිණ තිබෙනවා. තමන් යළි පැමිණෙනතුරු සිටින ලෙස ත්‍රීරෝද රථ රියදුරුට පවසා එතැන් සිට ඇය පා ගමනින් ලෝකාන්තය බලා ගොස් තිබෙනවා

ඇය යළි පැමිණෙන තුරු බලා සිටිය ත්‍රිරෝද රථ රියදුරා කාන්තාව සවස් වනතුරුත් නොපැමිණි නිසා ඒ බව මුලින්ම නානුඔය පොලිසියට පැමිණිලි කර තිබෙනවා

බලංගොඩ පොලිසියට මෙම කාන්තාවගේ ඥාතීන් අද පෙරවරුවේ පැමිණීමට නියමිතය.ඇගේ සිරුර බලංගොඩ, කිරිවිත්ත හෝ නාන්පේරිය ගම්මානවලින් එකක තිබෙන්නට හැකි යැයි පොලිසිය විශ්වාස කරනවා.
 
Related Posts with Thumbnails