Ads 468x60px

.

බලපිටියේ අලුත්ම අලුත් මසාජ් ක්ලිනික් එකක්...

මෙය ජනපි‍්‍රය වී ඇත්තේ බොහෝ දෙනා අතර‘ෆිෂ් මසාජ්’කියලයි...

මාළු පැටවුන් මගින් මසාජ් කරගැනීමක්..

ශී‍්‍ර ලංකාවේ පළමුවරට මත්ස්‍ය පැටවුන් යොදවා මිනිසුන්ගේ පාදයට මසාජ් ක‍්‍රමයක් හඳුන්වාදීමට බලපිටිය මාදුගඟ ආශ‍්‍රිතව මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

මාදුගඟ වූ කලී මෙරටදී දේශීය මෙන්ම විදේශීය සංචාරකයින්ගේ ඉතා සිත්ගත් ස්ථානයකි. බොහෝ දෙනා මෙතෙක් මාදුගඟ සංචාරය කිරීමට පැමිණීම පිළිබඳ අසන්නට ලැබුණද මෙවැනි අපූරු අත්දැකීමක් විඳදරාගැනීමක් ගැන අසන්නට නොලැබුණි.

මෙය මෙතෙක් ශී‍්‍ර ලංකාවේ වෙනත් ප‍්‍රදේශයකින් අසන්නට නොලැබුණු තෙරපි ක‍්‍රමයකි. මෙය ජනපි‍්‍රය වී ඇත්තේ බොහෝ දෙනා අතර‘ෆිෂ් මසාජ්’ යනුවෙනි. මෙහිදී මත්ස්‍ය පැටවුන් විශාල ප‍්‍රමාණයක් මගින් මිනිස් පාදයට මසාජ් කරගැනීමක් සිදු වේ.

 
මේ වන විට මාදුගඟ සංචාරයට පැමිණෙන විදේශිකයින් අතර මෙම ‘ෆිෂ් මසාජ්’ ක‍්‍රමය ඉතා ජනපි‍්‍රය වී ඇත. මෙම මසාජ් ක‍්‍රමය මෙරටට අලූත් අත්දැකීමක් වුවද ලෝකයේ වෙනත් රටවල ඉතාමත් ජනපි‍්‍රය වූ ක‍්‍රමයක් වේ. ස්වීඩනයෙහි මෑත කාලයේදී ආරම්භ වී ලෝකයේ වෙනත් රටවල් කරාද මෙම ක‍්‍රමය ව්‍යාප්ත වී ඇති බවට තොරතුරු අනාවරණය වේ.
 
Related Posts with Thumbnails