Ads 468x60px

.

ජීවකයන් අතර උතුම් ජීවකයෙක්‌ - වටවල බස්‌ අනතුර සිදුවූ ස්‌ථානයෙන්

මනුෂ්‍යත්වය හා ගුණ දහම් පිරිහී යන මෙවන් සමාජ ක්‍රමයක්‌ තුළ

ශේෂව ඇති මිල කළ නොහැකි මානව සම්පතක්‌...

පෙරේදා (21 දා) කොළඹ සිට හැටන් බලා ධාවනය කරවූ හැටන් ලංගම ඩිපෝවට අයත් බස්‌ රථයක්‌ එදින සවස 5.00 ට පමණ වටවල, රොසැල්ල ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 25 ක්‌ පමණ ප්‍රපාතයට පෙරළීමෙන් එහි ගමන් කළ මගීන් 14 දෙනෙක්‌ තුවාල ලබා වටවල හා නාවලපිටිය රෝහල්වලට ඇතුළත් කරනු ලැබූවා

මේ වන විට බරපතළ තත්ත්වයේ පසුවන මගීන් 4 දෙනෙක්‌ නාවලපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

බස්‌ අනතුර සිදුවන අවස්‌ථාවේ තම පෞද්ගලික මෝටර් රථයෙන් හැටන් නිවස බලා ගමන් කරමින් සිට ඇති මෙම වෛද්‍යවරයා අනතුර සියෑසින් දුටු අයෙකි. නමින් රවීන්ද්‍ර කුමාර් සුදර්ශන් වන ඔහු ත්‍රිකුණාමල ප්‍රදේශයේ පදංචි තවමත් වසර දෙකක වෘත්තීය අත්දැකීම් සපුරා ඇති තරුණ වෛද්‍යවරයෙකි. 


මෙම වෛද්‍යවරයා බස්‌ රථය පෙරළෙනවාත් සමගම
ඔහුගේ මෝටර් රථය ප්‍රධාන මාර්ගය පසෙක නවතා වටවල පොලිසියේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ආනන්දසිරි මහතා ඇතුළු නිලධාරීන් හා ප්‍රදේශවාසීන් සමග බස්‌ රථය පෙරළී නැවතී තිබුණ ප්‍රපාතයට ගොස්‌ තුවාලකරුවන් වටවල රෝහල වෙත ගෙන යාමට කටයුතු කළා.  

එසේම බස්‌ රථයට යටවී සිටි බරපතළ ලෙස තුවාල ලබා සිටි මගියෙක්‌ ඉතා ආරක්‍ෂාකාරී ලෙස පිටතට ගෙන ප්‍රතිකාර කටයුතු සැලසීමට පෞද්ගලිකව දක්‌වා ඇති ශ්‍රම දායකත්වය ගැන පොලිස්‌ නිලධාරීන් හා ප්‍රදේශයේ ජනතාව පවසන්නේ මෙවැනි ජීවකවරුන් තවමත් අප අතර සිටීම අදහාගත නොහැකි බවයි.

එපමණක්‌ නොව මෙම වෛද්‍යවරයා වටවල දිසා රෝහල වෙත ගොස්‌ එහි සිටින වෛද්‍ය කාර්ය මණ්‌ඩලය සමග යුහුසුළුව රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ඉදිරිපත්වීම එම රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සමස්‌ත කාර්ය මණ්‌ඩලයේ දැඩි ප්‍රසාදයට හේතු වී ඇත. 


වටවල දිසා රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනි අයේෂා වෙත්තසිංහ මහත්මිය මේ පිළිබඳව අප සමග කියා සිටියේ මෙම වෛද්‍යවරයා දික්‌ඔය මූලික රෝහලේ වසර දෙකක කාලයක්‌ වෛද්‍ය නිලධාරියකු ලෙස සේවය කරන අතර අවස්‌ථානුකූලව කළ උතුම් සේවය මුළු වෛද්‍ය ක්‍ෂේත්‍රයටම විශාල ගෞරවයක්‌ ලබාදුන් බවයි. 

වටවල දිසා රෝහලේ තිබූ ගිලන් රථය රෝගීන් ගෙන යැමට ප්‍රමාණවත් නොවූ නිසා මෙම වෛද්‍යවරයා ඔහු සේවය කරන දික්‌ඔය දිසා රෝහලේ රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා වෙත දුරකථනයෙන් කතා කර එම රෝහලේ ගිලන් රථය කඩිනමින් වටවල රෝහල වෙත එවන ලෙස ඉල්ලීමක්‌ කර ඇත.

ඊට ක්‍ෂණිකව ප්‍රතිකාර දක්‌වමින් නිහාල් වීරසූරිය අධ්‍යක්‍ෂවරයා ගිලන් රථය වටවල දිසා රෝහල වෙත යවා ඇත.

මෙම තරුණ වෛද්‍යවරයා පිළිබඳ දික්‌ඔය මුලික රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා අප සමග කියා සිටියේ දික්‌ඔය මූලික රෝහලේ සේවයේ නියුතු කාරුණික වෛද්‍ය කාර්ය මණ්‌ඩලය අතර සිටින මොහු තවත් එක්‌ දක්‍ෂ වෛද්‍යවරයෙක්‌ බවය.

ත්‍රිකුණාමල ප්‍රදේශයේ පදිංචි රවීන්ද්‍ර කුමාර් සුදර්ශන් ජීවක තුමා අපට උතුම් මිනිසකු වන්නේ දිනෙන් දින මනුෂ්‍යත්වය හා ගුණ දහම් පිරිහී යන මෙවන් සමාජ ක්‍රමයක්‌ තුළ ශේෂව ඇති මිල කළ නොහැකි මානව සම්පතක්‌ ලෙසිනි. වෛද්‍ය ක්‍ෂේත්‍රයට උත්තරීතර වටිනාකමක්‌ දුන් වෛද්‍යතුමනි ඔබටයි මේ උපහාරය.



 
Related Posts with Thumbnails