Ads 468x60px

.

විස්සයි විස්ස නිසා මැරුන තරුණයින්ගේ මරණ වලට හේතුව ආදර සම්බන්දයක්ලු...

එක්කෙනුකුට මාස 3ක කාලය තුල ආදර සම්බන්ධතාවයක්...

සියදිවි නසාගැනීමට ය හේතුවක් වුනාලු..

පසුගිය ලෝක කුසලාන විස්සයි විස්ස තරඟාවලියෙන් පසු සියදිවි නිසාගැනීම් දෙකක් වාර්තා වූ අතර ඔවුන්ගේ සියදිවි නසාගණීම් වලට හේතුව ලෙස වාර්තා වුනේ ලෝක කුසලානය පැරදීම නිසා ඇතිවූ සිත් වේදනාව බවයි.

නමුත් පසුව කළ පරීක්ෂණ වලින් අනාවරණය වී තිබෙන්නේ එම මරණ දෙකට හේතුව එම තරුණයින්ගේ තිබූ පෙම් සබඳතා බිඳියාම නිසා එලෙස සියදිවි නසාගන ඇති බවයි.

හැටන් කුඩා ඔය ප්‍රදේශයේ 26 හැවිරිදි මහේන්ද්‍ර සුරේන්ද්‍රන් හා 17 හැවිරිදි හංවැල්ලේ පදිංචි දේශාන් ලක්ෂිත යන තරුණයන් දෙදෙනායි එලෙස සියදිවි නසාගන් තිබුනේ.

මේ පිළිබඳව 
සුරේන්ද්‍රන්ගේ මව පවසා තිබුනේ
"මගේ පුතා තාම අවිවාහකයි. ඔහු උදේ 8.30 ට විතර වැඩට ගිහින් හවස 1 ට විතර කෑමට ආවා. කෑමෙන් පස්සේ 2ට විතර ගිහින් ආපහු ගෙදර ආවේ 5ටයි. ඊටපස්සේ පුතා ලඟ ගෙදරකට රූපවාහිණිය බලන්න ගියා. 

ආපහු ආවේ 11.30ට විතර. එතකොට හොඳටම බීලයි හිටියේ. මාවයි මහත්තයයි ගෙයින් එලියට දාලා දොර වැහුවා. ඒ වෙද්දී එය කෑම කාලත් හිටියේ නැහැ. අපි දෙන්නා එළියේ ඉඳන් දොර අරින්න කිව්වත් දොර ඇරියේ නැති නිසා ජනේලෙකින් ඇතුලට ගියා. එතකොටයි දැක්කේ වහලේ ඒල්ලිලා මැරිලා කියලා."

පසුව මරණ පරීක්ෂන වලින් අනාවරණය වී තිබෙන්නේ විස්සයි විස්ස ක්‍රිකට් තරඟයට ඔහුගේ සියදිවි නසාගැනීමේ සම්බන්ධයක් නොමැති බවයි.

හංවැල්ලේ පදිංචි තරුණයාගේ මියයාම පිළිබඳව ඔහුගේ මව පවසා තිබුනේ මෙවැන්නක්.

"ලක්ෂාන් අපේ දෙවෙනි දරුවා. මට තව දුවලා දෙන්නෙකුත් ඉන්නවා. ඔහු සාමාන්‍ය පෙළ කලේ කලු අග්හල බොස්කෝ විද්‍යාලයේ. ඔහුට ස්ථිර රැකියාවක් තිබුනේ නැහැ. පුතා මත්පැන් පානය කරන්නේ නැහැ. ඒත් ඔහුට ආදර සම්බන්ධතාවයක් තිබුණා. 

එදා ලොකු දුවයි එයාගේ මහත්තයයි එක්ක හවස 6.30 ට විතර පුතා ගාලුමුවදොර පිහිටි විශාල පුළුල්තිරයෙන් ක්‍රිකට් තරඟය බැලීමට ගියා. ආවේ පාන්දර 2 ට විතර. ඒත් එයා ඇවිත් නිදාගත්තේ නැහැ.

පහුවදා උදේ මම නැඟිටලා කුස්සියට යද්දී දැක්කා ඒ අසල තිබුන අඹ ගහේ එල්ලිලා මැරිලා ඉන්නවා."

ඔහුට පසුගිය මාස 3ක කාලය තුල ආදර සම්බන්ධතාවයක් තිබූ බව සහෝදරිය පවසා තිබෙන බවත් ඔහුගේ සියදිවි නසාගැනීමට 
ය හේතුව බවයි ඔහුගේ සහෝදරිය පවසා තිබෙන්නේ.

පසුව පොලීසිය විසින් කල පරීක්ෂණ වලින්ද අනාවරණය වී තිබෙන්නේ එම සියදිවි නසාගැනීමට හේතුව බවට එම ආදර සම්බන්ධතාවය බිඳියාමෙන් වූ චිත්ත පීඩාව බවයි.

================//================

ක්‍රිකට්‌ පරාජය ගැන ශෝකයෙන් හැටන් තරුණයා කාමරේ බාල්කයේ එල්ලුනේ මෙහෙමයි...

ක්‍රිකට්‌ තරගය රූපවාහිනියෙන් නරඹා නිවසට ඇවිත් දොරඅගුළු දාගත්තා...  
පස්‌සේ ගිහින් බලනකොට පුතා සාරියකින් බාල්කයක එල්ලිලා ඉන්නවා දැක්‌කා...මව කියයි

පෙරේදා අවසන් වූ 20/20 ලෝක කුසලාන අවසන් ක්‍රිකට්‌ තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ පරාජය දරාගත නොහැකිව හැටන් කුඩාඔය ප්‍රදේශයේ විසිහය හැවිරිදි අවිවාහක තරුණයෙක්‌ පෙරේදා (7 දා) රාත්‍රි සිය නිවසේදී ගෙල වැලලාගෙන මියගොස්‌ තිබුනා.

මෙසේ මියගොස්‌ ඇත්තේ හැටන් කුඩාඔය වත්තේ මහෙන්ද්‍රන් සුරේන්ද්‍රන්
නම් අවිවාහක තරුණයෙකු වන අතර. ඔහුගේ මව වන රත්නම් රාඡේෂ්වරී මෙසේ කියා සිටිනවා.


මියගොස්‌ සිටින මගේ පුතා අවිවාහකයි. ඔහු කුඩාඔය ගල් වළේ වැඩ කරනවා. සිද්ධියවූ දවසේ උදේ 8.00 ට ගල් වළේ වැඩට ගිහින් 1.00 ට ගෙදරට ආවා. කෑම කාලා 2.00 විතර ආයෙත් වැඩට ගියා. වැඩ අවසන් කර හවස 5.00 ට විතර නැවත ගෙදර ආවා. 


මොහු අසල ගෙදරක රූපවාහිනියකින් ක්‍රිකට්‌ තරගය නැරඹුවා. එදා රෑ 11.30 ට විතර ගෙදර ආවා. එවිට පුතා මත්පැන් බීලයි හිටියේ. එයා මගේ සැමියයි, දුවයි, මාවයි ගෙදරින් එළියට පිටත් කරලා දොරවල් වහලා ලොක්‌ කර ගත්තා. පැය භාගයකට විතර පස්‌සේ ළඟ ගෙදරක ඉඳලා ගෙදර ළඟට ඇවිත් දොරට ගැහුවත් ඇරියේ නෑ. 

පස්‌සේ අපි පිටිපස්‌සෙන් ජනේලය ගලවලා ගේ ඇතුළට ගිහින් බලන කොට පුතා සාරියකින් නිදන කාමරේ බාල්කයක එල්ලිලා ඉන්නවා දැක්‌කා. දුව කෑගහල පිහියෙන් සාරිය කපලා වත්තේ කීප දෙනෙක්‌ සමග ත්‍රීවීල් එකකින් දික්‌ඔය දිසා රෝහලට ගෙන ගියා. 

රෝහලට යන විටත් පුතා මියගිහින් හිටියේ. පුතා හරිම නිමිච්ච අයෙක්‌. කාටවත් කරදරයක්‌ නෑ. ක්‍රිකට්‌ තරග නැරඹීම එයාගේ විනෝදාංශයක්‌ වුණා. මේ මරණය ගැන සැකයක්‌ නෑ.

මෙම තරුණයාගේ මරණය සම්බන්ධයෙන් කුඩාඔය තේවත්තේ පදිංචිකරුවන් කියා සිටියේ මොහු දැඩි ක්‍රිකට්‌ ලෝලියෙක්‌ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමට දැඩි ලෙස ගෞරවයක්‌ හා ආදරයක්‌ දැක්‌වූ අයෙක්‌ බවත්ය.
 
Related Posts with Thumbnails