Ads 468x60px

.

විද්‍යාලෝකයේ ගැටුම වීඩියෝ කැමරාවල - ශිෂ්‍යයන්ට සහ දෙමාපියන්ට වැඩ වරදියි...

හේතුව හිටපු විදුහල්පතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩතහනමට ලක්‌ කිරීමයි...

පාසලේ ශිෂ්‍යයන් කලහකාරී ලෙස හැසිරෙමින් දේපොළ විනාශ කරන අයුරු වීඩියෝ කැමරාවල සටහන් වෙලා...

පරීක්ෂණය අවසන් වනතුරු පාසලට ඇතුල්වෙන්න ‍‍එපා - විද්‍යාලෝක විදුහලේ නව විදුහල්පති කියයි... 

ගාල්ල විද්‍යාලෝක විදුහලේ නව විදුහල්පතිවරයා ලෙස බන්දුල ජයසිංහ මහතා පෙරේදා (1 දා) පෙරවරුවේ වැඩ භාරගනිද්දී ඊට විරෝධය පළකරමින් පාසල් ශිෂ්‍යයෝ කලහකාරී ලෙස හැසිරුනා

එහිදී ශිෂ්‍යයෝ විදුහලේ ප්‍රධාන කාර්යාලයට පහර දී විදුහල්පතිවරයාට අයත් මෝටර් රථය ද විනාශ කලා. මෙම තත්ත්වය පාලනය කිරීමට දැඩි උත්සාහයක්‌ ගත්ත ද එය ව්‍යර්ථ වුනා.

පසුව දැඩි පොලිස්‌ ආරක්‍ෂාවක්‌ යටතේ විදුහල්පතිවරයා විදුහලෙන් පිටතට ගනිද්දී විරෝධය දක්‌වමින් සිටි ශිෂ්‍යයන් ඔහුට ගල්මුල්
ප්‍රහාර එල්ල කලා. එහිදී බරපතළ තුවාල ලැබූ විදුහල්පතිවරයා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබුනා.

ගාල්ල විද්‍යාලෝක විදුහලේ නව විදුහල්පතිවරයාට පහරදී විදුහලේ දේපොළ විනාශ කරමින් කලහකාරී ලෙස හැසිරීමට ශිෂ්‍යයන් පොළඹවනු ලැබූ දෙමාපියන් සහ ගුරුවරුන් 40 දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර ඇති බැව් පොලිසිය පවසනවා.

මේ අතර විදුහල්පති බන්දුල ජයසිංහ මහතාට පහර දී ඒ මහතාට අයත් මෝටර් රථයට රුපියල් ලක්‍ෂ 42 ක අලාභයක්‌ සිදුකර විදුහලේ දේපොළ විනාශ කර දැමූ ශිෂ්‍යයන් සියලු දෙනාද මේ වන විට හඳුනාගෙන සිටින අතර ඔවුන් සියලු දෙනා අත්අඩංගුවට ගෙන නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට පොලිසිය කටයුතු කරමින් සිටිනවා.

පාසලේ ශිෂ්‍යයන් කලහකාරී ලෙස හැසිරෙමින් දේපොළ විනාශ කරන අයුරු වීඩියෝ කැමරාවල සටහන්ව තිබෙන අතර ඒ මාර්ගයෙන් සියලුම ශිෂ්‍යයන් මේ වන විට හඳුනාගෙන සිටින බව පොලිසිය පවසනවා.

මේ අතර එක්‌තරා හිමිනමක්‌ සහ දේශපාලනඥයකු ද මෙම සිද්ධිය පිටුපස සිටින බවට පොලිසිය වෙත තොරතුරු ලැබී තිබෙන අතර ඔවුන්ට එරෙහිව ද නීතිමය පියවර ගැනීමට පොලිසිය කටයුතු කරමින් සිටියි.
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල විද්‍යාලෝක විදුහලේ ගුරුවරුන් පිරිසකගෙන් සහ ශිෂ්‍ය නායකයන් පිරිසකගෙන් පොලිසිය ප්‍රශ්න කර කටඋත්තර ලබාගෙන තිබේ.

ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩතහනමට ලක්‌ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබේ. මේ අතර විදුහලේ සිදු වූ කලබලකාරී තත්ත්වය පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක්‌ කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් පිරිසක්‌ ද ඊයේ එම විදුහල වෙත පැමිණියහ.

 
Related Posts with Thumbnails