Ads 468x60px

.

උඹ මැරියං. මට තව කෙල්ලක් ඉන්නවා - ළිඳට වැටී මිය ගිය උපාධිධාරිනියගේ සැමියා කියලාලු..

අම්මේ මට මෙහෙ ඉන්න බැරි වුණොත් මම ගෙදර එනවා...

දියණියගේ මරණය සැක සහිතයි - උපාධිධාරිනියගේ මව කියයි...

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියක් වූ මතුගම හොරවල ඇල්ලන මුල්ල ප්‍රදේශයේ අනාරක්‍ෂිත ළිඳ කට වැටී මිය ගිය තම දියණියගේ මරණය සැක සහිත බවත්, ඒ පිළිබඳව නැවත පරික්‍ෂණයක් කරන ලෙසත් මිය ගිය කාන්තාවගේ මව වැලිපැන්න පොලිසියට පැමිණිලි කර තිබෙනවා. 


ඒ අනුව මතුගම අතිරේක මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය මෘත ශරීරය තබා තිබූ හොරවල ඇල්ලන වැල්ල නිවසට ගොස් මෘත දේහය පරික්ෂා කර නැවත පශ්චාත් වෛද්‍ය පරිකෂණයක් සිදු කිරීමට කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය වරයා වෙත රැගෙන යාමට වැලි පැන්න පොලිසියට නියෝග කර තිබෙනවා

මතුගම හොරවල ඇල්ලන මුල්ලේ පිදිංචිව සිටි සන්දඹගේ ඉරෝෂා හර්ෂණී නමැති 28 හැවිරිදි උපාධිධාරිණියගේ මළ සිරුර ඉකුත් ඉරිදා (30) අලුයම ඇය පිදිංචිව සිටි නිවසට යාබඳ ඉඩමේ අනාරක්ෂිත ළිදේ තිබී හමුවූ බව එදින ඇගේ නැන්දම්මා වන කොඩිතුවක්කු ආරච්චිගේ පත්මා ශ්‍රියාණි මහත්මිය වැලි පැන්න පොලිසියට පැමිණිලි කර තිබුනා

මාතර කඹුරුපිටිය ප්‍රදේශයේ පිදිංචි කාරියක් වූ මිය ගිය තැනැත්තිය විවාහ යෝජනාවක් අනුව මීට මාස හතරකට පමණ ඉහතදී මතුගම හොර වැව ඇල්ලන මුල්ල ප්‍රදේශයේ පදිංචි යුධ හමුදා පොලිසියේ ලාන්ස් කෝප්‍රල් හොරවල විතානගේ රංගනාත් ප්‍රසංග මහතා සමඟ විවාහ වී තිබුනා

පසු ගිය ඉරුදින කළුතර නාගොඩ මහරෝහලේ අධිකරණ වෛද්‍ය එන්. එන්. එල්. ජයසිංහ මහතා පශ්චාත් මරණ පරික්ෂණය සිදුකර දියේ ගිලීමෙන් සිදුවූ මරණයක් බවට තීන්දු කළා

එදිනම සවස වැලි පැන්න හැදිසි මරණ පරික්ෂක සාම විනිසුරු නිහාල් ජයනෙත්ති මහතා පශ්චාත් මරණ පරීක්ෂණය කරනු ලැබීය. එහිදී මරණ කාරියගේ ඥාතීන් විශේෂ ඉල්ලීමකින් දේහය පිළිබඳ අවසන් කටයුතු ඊට පසු දිනටම සිදු කිරීමට ද අවසර ලබා ගන ඇත. 

නමුත් මිය ගිය කාන්තාවගේ මව වන ජේ. එම්. ශ්‍රියාලතා මහත්මිය පසුගිය දා වැලිපැන්න පොලිසියට පැමිණිල්ලක් කරමින් තම දියණියගේ මරණය සැක සහිත බවට පැමිණිළි කළාය. 

මියගිය දියණියට ඇගේ සැමියා කියලා තියෙනවා "උඹ මැරියං.මට තව කෙල්ලක් ඉන්නවා"කියලා.දුව තමන්ට එසේ කියා තිබෙන බව මියගිය කාන්තාවගේ මව පොලිසියට පැමිණිලි කර තිබේ. 

"අම්මේ මට මෙහෙ ඉන්න බැරි වුණොත් මම ගෙදර එනවා"කියලත් දුව කී බව ඇය වැඩිදුරටත් පොලිසියට පැමිණිලි කොට තිබේ.
 
Related Posts with Thumbnails