Ads 468x60px

.

මැදවච්චියේ සේනානායක ජාතික පාසැලේ සිසුවකු සහ සිසුවියකගේ ලිංගික එක්වීමක වීඩියෝවක්...

සිසුවා ළග ලිංගික දර්ශන ඇතුලත් ජංගම දුරකථනයක්  සහ  සීඞී තැටියක්...

මැදවච්චිය මෛත‍්‍රීපාල සේනානායක ජාතික පාසැලේ උසස් පෙල හදාරන සිසුවකු සහ සිසුවියකගේ ලිංගික කි‍්‍රයාකාරකම් සහිත වීඩියෝවක් කැබිලිතිගොල්ලෑව පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ සැකකරු හා සැකකාරිය ද මේවන විට පොලිස් අත්අඩංගුවට පත්ව සිටිනවා.සිසුවා කැබිතිගොල්ලෑව පොලිස් වසමේ පාඩින්ගම, ඇටවරගොල්ලෑව ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18 ක තරුණයෙකු බව පැවසෙනවා.

මේ සිසුවා ළග තිබී අදාල ලිංගික

දර්ශන රූප රාමු ඇතුලත් ජංගම දුරකථනයක්  සහ  සීඞී තැටියක් සොයාගත් බව පොලිසිය පවසනවා. සිසුවියද එම ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 17 ක් වූ දැරියක බවද පැවසෙනවා.

සිසුවා හා සිසුවිය අතර පේ‍්‍රම සම්බන්ධතාවයක් පවතින බවද මේවන විට හෙලිවී තිබෙනවා.අත් ඩංගුවට ගෙන ඇති දැරිය වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීම සඳහා අනුරාධපුර රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරියා වෙත ඉදිරිපත් කිරිමට නියමිත බවද පොලිසිය පවසනවා.

සිසුවා අද 03 කැබිතිගොල්ලෑව මහේස්ත‍්‍රාත්  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
 
Related Posts with Thumbnails