Ads 468x60px

.

ආරාධ්‍යා පසුපස ‘පැපරාසි’ ඇස

ඉපදුණු දවස්වල මම ආරධ්‍යාට කිව්වෙ ස්ට්‍රෝබෙරි ගෙඩිය කියලයි...අත්තම්මා

ඒ මොකද, ඉපදුණු දවසෙ මට එයාව පෙනුණෙ ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේ නිසයි...

ලොව පුරා සිටින බොලිවුඩ් සිනමා රසික රසිකාවියන්ගේ සිත් තුළ එක්තරා බලාපොරොත්තුවක් ගොනු වී තිබුණා. ඒ තමයි, හිටපු ලෝක රූ රැජනකගේ කුලුඳුල් දියණියගේ හැඩරුව හොඳින් දැක බලා ගැනීම. 

මේ සිඟිති දියණිය කවුරුන් ද? ඇය, ආරධ්‍යා. බොලිවුඩයේ අසිරිමත් රැජන, ඓශ්වර්යා ගේ සහ සිනමා ලොව රසික අබිසෙස් ලද අභිෂේක් භච්චන් ගේ දියණියයි.

මීට සති කිහිපයකට කලින් මේ තුන්දෙනාම චිකාගෝ නුවර රැඳී සිටි බව ඔබ දන්නවා. ‘ධූම් – 3’ චිත්‍රපටයේ රූපගත කිරීම් වෙනුවෙන් ගිය අභිෂේක් ගේ තනිය මකන්නයි ඓශ්වර්යා, සිඟිති දියණියත් රැගෙන චිකාගෝවට ගියේ. 

 
අභිෂේක්, පසුගිය සතිය වනතුරු ද එනුවර රැඳී සිටියා. ඒ වන විට ද ‘ධූම් – 3’ චිත්‍රපටයේ රූපගත කිරීම් අවසන් වී තිබුණේ නැහැ. ඒ නිසා ඓශ්වර්යා, දියණියත් රැගෙන ඉන්දියාවට පැමිණියා. මේ දෙදෙනා මුම්බායි ගුවන් තොටුපළට පැමිණෙන බව දැනගත් මාධ්‍යවේදීන් රැසක්ම එහි හොරගල් අහුලමින් සිටියා. විශේෂයෙන්ම, ‘පැපරාසි වර්ගයේ’ ඡායාරූප ශිල්පීන් තමයි, මුම්බායි ගුවන් තොටෙහි රැඳී සිටියේ.

ඓශ්වර්යා, තම දියණිය තුරුල් කරගෙන ගුවන් යානයෙන් බැස ගුවන් තොටුපළින් පිටවෙන්නට යන අතරතුරදී පැපරාසි ඡායාරූප ශිල්පීන් ක්‍රියාත්මක වුණා. ඔවුන් එකිනෙකා පරයමින් ඓශ්වර්යා තුරුලෙහි සිටින බිලිඳියගේ රුව ඡායාරූපයට හසුකර ගන්නට දැඩි උත්සාහයක් ගත්තා.

ඒත් මේ සිඟිති දියණියගේ හැඩරුව හොඳින් හඳුනා ගත හැකි ඡායාරූපයක් ගන්නට නම් ඒ කිසිවෙකුටවත් හැකි වුණේ නැහැ. එක් ඡායාරූප ශිල්පියෙකුට නම් සිඟිති ආරධ්‍යාගේ මුහුණෙහි වම්පස යන්තමින් කැමරාවට හසුකර ගන්නට හැකි වුණා.

ඒ මොහොතේ කැමරා වලින් නික්මුණු ආලෝකය මුහුණට වැදීම නිසා ඇය තම පුංචි දෑස තදින් වසාගෙන අපහසුවකින් පසු වනු ඒ ඡායාරූපයෙන් හොඳින්ම දිස් වෙනවා. මීට කලින් වතාවකදී නම් වෙනත් ඡායාරූප ශිල්පියෙකු, ඓශ්වර්යා, ආරධ්‍යා දියණිය වඩාගෙන ගුවන් තොටුපළක් තුළ දී ගමන් කරද්දී ඡායාරූපයක් ගෙන තිබුණා. 

ඒ මොහොතේදී පුංචි ආරධ්‍යා කැමරාව දෙස හොඳින් බලා සිටිනු ඡායාරූපයෙහි සටහන් වී තිබුණා. නමුත්, ඇයගේ මුහුණෙහි අඩක් වැසී ඇස් දෙක පමණයි, හොඳින් මතු වී පෙනුණේ. එයට හේතුව, ඓශ්වර්යා තම දියණියව පැපරාසින්ගෙන් බේරා ගන්නට හොඳින් ආවරණය කරගෙන සිටීමයි.

අත්තම්මා (ඡයා භච්චන්) කියන්නේ මිනිබිරියගේ මුහුණ අම්මාගේත් තාත්තාගේත් මූණුවලට සමාන බවයි. “ඉපදුණු දවස්වල මම ආරධ්‍යාට කිව්වෙ ස්ට්‍රෝබෙරි ගෙඩිය කියලයි. ඒ මොකද, ඉපදුණු දවසෙ මට එයාව පෙනුණෙ ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේ නිසයි.


 ===================//==================

ඓශ්වර්යාගේ දියණිය මාධ්‍යවේදීන් ගේ කැමරාවට හසුවූ අයුරු

චිකාගෝ වෙත යාමට ගුවන්තොටුපලට පැමිණි ඓශ්වර්යා හා අරධ්‍යා...
අරාධ්‍යාට දැන් මාස 10ක්

ඊයේ ඇමරිකාවේ චිකාගෝ වෙත යාමට ගුවන් තොටුපලට පැමිණි ඓශ්වර්යා හා අරධ්‍යා කැමරාවට හසුකරගැනීමට මාධ්‍යවේදීන්ට හැකිවුණා.

ඓශ්වර්යා රායි හා අභිෂේක් බච්චන්ගේ දියණිය වන අරාධ්‍යාට මේ වනවිට මාස 10ක්. නමුත් මේවන විටත් ඔවුන් තම දියණියගේ මුහුණ මාධ්‍යයෙන් සඟවා තිබුනේ.


අභිෂේක් බච්චන් රඟපාන ඩූම්-3 චිත්‍රපටයේ රූගතකිරීම් මේ දිනවල සිදුවන්නේ චිකාහෝ නගරයේ නිසා අභිෂෙක් බැලීමටයි අයිශ්වර්යා චිකාගෝ යාමට ගුවන්තොටුපලට පැමිණ තිබෙන්නේ.



පසුගිය මැයි මාසයේ ප්‍රංශයේ පැවති කෑන්ස් සිනමා උළෙලට ගොස් ආපසු පැමිණෙමින් සිටියදී මුම්බායි ගුවන්තොටුපලේදී දියණියගේ මුහුන ජායාරූපයට හසුකරගැනීමට මාධ්‍යවේදීන් උත්සාහ දැරූවත් හැකිවුනේ නැහැ.














 
Related Posts with Thumbnails