Ads 468x60px

.

හොරණ නජිත්ගෙන් ළමයි 40 කට ගමන් කළ හැකි කුඩා දුම්රියක්‌...

ළමා දුම්රිය හැදුවේ මගේම දෙඅතින්... වෙන කිසිවෙක්‌ සම්බන්ධ වුණේ නැහැ...

පුරා මාස එකොළහක්‌ දිවා රාත්‍රියේ නොකඩවා මේ ගැන වෙහෙසුණා...

වසර ගණාවක්‌ තිස්‌සේ කර්මාන්ත ක්‍ෂේත්‍රයෙහි විවිධ නිර්මාණයන් කර ඇති හොරණ කුඩා උඩුවේ නජිත් සුදන්ත වල්පිට මහතා විසින් පුරා මාස එකොළහක්‌ තිස්‌සේ දිවා රාත්‍රියේ වෙහෙස වී තම කාලයක්‌ ශ්‍රමයත් වැයකර අංගසම්පූර්ණ පුංචි ළමා දුම්රියක්‌ නිපදවා තිබෙනවා.

කළුතර දිස්‌ත්‍රික්‌කයේ හා දිවයිනේ සෑම පෙදෙසකම විදුහල් වල ප්‍රාථමික අධ්‍යාපනය ලබන කුඩා දරු දැරියන් සඳහා තනන ලද මෙම ළමා දුම්රිය පිළිබඳව කරුණු දක්‌වමින් ඔහු පැවසුවේ මෙවැනි කතාවකි.


ළමා දුම්රිය හැදුවේ මගේම දෙඅතින්. වෙන කිසිවෙක්‌ මෙයට සම්බන්ධ වුණේ නැහැ. ප්‍රථමයෙන්ම මම හැදුවේ රේල් පීලි ටිකයි. 2011 ජුලි මාසයේදී දුම්රිය තැනීමේ කටයුතු පටන් ගත්තා. ඉන් පසු පුරා මාස එකොළහක්‌ දිවා රාත්‍රියේ නොකඩවා මේ ගැන වෙහෙසුණා. අවසානයේ සතියක්‌ දිනකට පැය විසිහතර බැගින් එක දිගටම නිර්මාණ කටයුතු කර ළමා දුම්රිය තැනීමේ කටයුතු නිම කළා. 


පෙට්‌ටි තුනක්‌ ඇති මේ දුම්රියේ එකවර දරුවන් හතළිස්‌ දෙනෙකුට ගමන් කළ හැකියි. අඩි 180 ක්‌ දුර රේල් පාර දිගේ දුම්රිය ගමන් කරනවා. යකඩ හා අවශ්‍ය අනෙකුත් භාණ්‌ඩ මිලදී ගෙන දුම්රියේ සියලුම කොටස්‌ නිර්මාණය කළේ මගේ මේ දෙඅතින්. පිටතින් මිලදීගෙන සවි කළේ මේ ඩීසල් ඇන්ජිම පමණයි.

ඔක්‌තෝබර් පළමුවැනි දිනට යෙදී තිබුණ ලෝක ළමා දිනය නිමිත්තෙන් හොරණ නාගරික ළමා ක්‍රීඩාංගණයට ළමා දුම්රිය ගෙන එන බවත් දින පහක්‌ ක්‍රීඩාංගණයේ ධාවනය කරවන පුංචි ළමා කෝච්චියට නැගී ක්‍රීඩා පිටිය වටා ගමන් කරමින් විනෝද වන්නට අවස්‌ථාවක්‌ දරු දැරියන්ට ලබාදෙන බවත් නජිත් සුදන්ත වල්පිට මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
 
Related Posts with Thumbnails