Ads 468x60px

.

අරුම පුදුම බළල් සුරතලාගේ සෙනෙහස..

දේහය ගෙදර තිබූ දින තුනම නොසෙල්වී එකම අයුරින් සිටි බළල් සුරතලා...

කලාතුරකින් දක්නට ලැබෙන අපූරු සිදුවිමකි. සැබවින්ම විස්මය ජනක සිදුවීමක් සහ අතිශයින්ම සංවේදී දසුනක් ද වෙනවා.

ඇතැම් මිනිසුන්ට වඩා තිරිසන් සතුන් තුළ කළගුණ දැක්වීමත් සෙනෙහස සහ දයාවත් තිබෙන බව විවිධ අවස්ථාවල අපි අසා ඇත්තෙමු. මේ ඡායාරූප පෙළින් කියවෙන්නේද එවැනි අරුම සහ අතිශය සං‍වේදී කතාවකි.
 

අලවතුගොඩ අස්වැද්දුම ප්‍රදේශයේ පදිංචි පී. බී. අමරකෝන් සුරතලයට බළල් පැටවෙකු ඇති කළේය. වසර පහක් පමණ මේ බළල් පැටියා අමරකෝන් මහතාගේ නිවසේ ඇති දැඩි වුණා. 

ඔය අතර හදිසියේම අමරකෝන් මහතා අසනීපව රෝහල් ගත වුණා.
අවුරුදු අසූවක් වයසැති අම‍රකෝන් මහතා දින විස්සක් රෝහලේ සිටියා. ඒ කාලය තුළ ඔහු ඇති කළ බළලා කෑමොර දෙමින් සිය ස්වාමියා පෙනෙන්නට නොසිටි වේදනාව විදිමින් සිටියා.අවාසනාවට අමරකෝන් මහතා මිය ගියා.

ඔහුගේ දේහය නිවසට රැගෙන ආ මොහොතේ දෙනෙතට කදුළු ගෙනෙන මේ විස්මිත සිදුවීම සිදු වුණි. තමන්ගේ ස්වාමියා නිසොල්මන්ව පෙට්ටියක් මත වැතිර සිටිනු දුටු බළල් සුරතලාත් ඒ පෙට්ටිය මතට නැග අමරකෝන් මහතා සිටි අයුරින්ම දිගාවී සිටියේය. 

දේහය ගෙදර තිබූ දින තුනම නොසෙල්වී එකම අයුරින් සිටි බළල් සුරතලා නිසා දේහය නිවසින් පිටතට රැගෙන යන්නට පෙට්ටිය වසන්නට විශාල වෙහෙසක් දරන්නට විය. තමන් තම ස්වාමියා සමීපයෙන් වෙන් කරන්නට සැරසෙන අයව සපා කන්නට තරම් මේ බළල් සුරතලා සිය ස්වාමියාට ආදරෙයෙන් බැඳි සිටියේය. 


අවසායේ දී අත් ග්ලව්ස් දමාගෙන බළල් සුරතලා සිය ස්වාමියාගෙන් ඈත් කර දේහය රැගෙන ගොස් තිබුණි.ඇතැම් මිනිසුන්ටත් වඩා සංවේදීවූ මෙම බළල් සුරතලා සිය ස්වාමියාට ඉමහත් වේදනාවකින් සමු දෙන්නට ඇත.

 
Related Posts with Thumbnails