Ads 468x60px

.

කදුරුවෙල බස්‌ පොළේ සිටි කාන්තාවක්‌ පාළු නිවෙසකට බලෙන් අරන් ගිහින් 5 දෙනෙක් ලිංගික වධ දීලා...

ත්‍රිරෝද රථයකට නංවාගෙන ගොස්‌ පාළු නිවෙසක රඳවාගෙන...

නිවාඩුවට ගමට ආ යුද සෙබළා ඇතුළු තරුණයන් 5 දෙනෙක් මාට්ටු...

තම නිවෙස බලා යැම සඳහා පොළොන්නරුව කදුරුවෙල ප්‍රධාන බස්‌ නැවතුම්පළේ රැඳී සිටි 42 හැවිරිදි දෙදරු මවක බලහත්කාරයෙන් ත්‍රිරෝද රථයකට නංවාගෙන ගොස්‌ පාළු නිවෙසක රඳවාගෙන අතවර කළ බව කියන යුද හමුදා භටයකු ඇතුළු තරුණයන් 5 දෙනකු ඊයේ (29 දා) අලුයම පොළොන්නරුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් සියලු දෙනාම පොළොන්නරුව උණගලා වෙහෙර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හෙළිවී තිබෙනවා.

ලිංගික අතවරයට ලක්‌ වූ කාන්තාව පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර සිටිනවා. කාන්තාව පැහැරගෙන යැම සඳහා

උපයෝගි කරගත් බව කියන ත්‍රිරෝද රථයද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිවාඩු ලැබ පැමිණ සිටින හමුදා භටයා ඇතුළු තරුණයන් 5 දෙනා අත්අඩංගුවට ගන්නා අවස්‌ථාවේදී අධික බීමතින් සිටි බවද පොලිසිය කියයි. ඔවුන් තමන්ටද බලහත්කාරයෙන් මත්පැන් පෙවීමට උත්සාහ කළ බව අතවරයට ලක්‌ වූ කාන්තාව පොලිසියට ප්‍රකාශ කොට තිබෙනවා.
 
Related Posts with Thumbnails