Ads 468x60px

.

ලාෆින් ප්‍රතිමා ඇතුළේ හිස සුන් බුද්ධ ප්‍රතිමා - කූට ජාවාරම හෙළිවී බණ්ඩාරවෙල උණුසුම් වෙයි.

ගෞතම බුද්ධ ධර්මය අපකීර්තියට පත් කිරීමට ඇතැම් අන්තවාදීන් මෙවන් අන්දමට කටයුතු කරනවා...

වැලිමඩ වෙළෙඳ සලක තබාගෙන පුද පූජා පැවැත්වූ ‘ලාෆින් බුද්ධා’ ප්‍රතිමාවක් බිම වැටීමෙන් බිඳීගිය අවස්ථාවේ එම පිළිමය ඇතුළත ‘හිස නැති ගෞතම’ බුද්ධ ප්‍රතිමාවක් තිබී හමුවීමේ පුවතක් අප ඔබ වෙත ගෙන ආවා. 

සමඟම ඊයේ (29) වැලිමඩ නගරයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් උද්ගත වී තිබුනා. මේ ‘ලාෆින්’ ප්‍රතිමාව අත්වැරදීමකින් බිම වැටී කැඩී ගිය අවස්ථාවේ එහි අභ්‍යන්තරයේ හිසනැති ගෞතම බුද්ධ ප්‍ර‍්‍රතිමාවක් තිබූ බවත් ඊට අමතරව සිද්ධාර්ථ චරිතය නිරූපණය වන ආකෘති ද දක්නට තිබූ බව සිද්ධියට මුහුණ දුන් ටී. එම්. ශාන්ත කුමාර මහතා පවසනවා.

මේ ප්‍රතිමාව බණ්ඩාරවෙල නගරයෙන් මිලදී ගෙන තම ව්‍යාපාරයේ දියුණුව පතා කාලයක් තිස්සේ පුද පූජා පැවැත්වූ බවද ඒ මහතා පවසනවා. මෙය තවදුරටත් සොයා බැලීම සඳහා වැලිමඩ නගරයේ ධාවනය වන බස් රථවල
තබා තිබූ ලාෆින් බුද්ධ ප්‍රතිමා ද සෝදිසි කර බැලීමේදී ඒවා ඇතුළත ද ගෞතම බුදුන්වහන්සේගේ සිරස නොමැති ප්‍රතිමා දැක ගැනීමට හැකි වූ බව බස් රථ රියදුරෝ පවසනවා.

මේ පිළිබඳව උඩරට අමරපුර නිකායේ අනුනායක නුවරඑළියේ චන්ද්‍රජෝති හිමියන්ගෙන් විමසූ විට උන්වහන්සේ මෙසේ අදහස් දැක්වුවා.

‘ගෞතම බුද්ධ ධර්මය අපකීර්තියට පත් කිරීමට ඇතැම් අන්තවාදීන් මෙවන් අන්දමට කටයුතු කිරීම හෙළා දකින බවත් ලාෆින් ප්‍රතිමා තුළින් බුදුන්වහන්සේගේ කරුණා ගුණය මතු නොවන බවත් බුදු දහම ආශාව අත්හැරීමට උගන්වන බැවින් ලාෆින් ප්‍රතිමාවලට බුද්ධ යන වචනය යෙදිය නොහැකි බව උන්වහන්සේ පැවසූවා.

ලාෆින් බුද්ධා ඇතුළේ හිස නැති බුදු රුවක්... 
 
Related Posts with Thumbnails