Ads 468x60px

.

නිරෝගි මිනිසුන් පරලොව යැවීමත්, ඔවුන් කණුන්, අබ්බගාතයන් වීම වළක්වාලනු පිණිසත්...

ජරාව දෙතොත් ගුවන් යානා පදවන්නටත් ලයිෂන් ගන්න පුළුවන්...

ඉතා නිරෝගි පිරිමින්, කාන්තාවන් සහ දරුවන් නිකරුනේ දිනපතා මියයවා... 

ඒ රථවාහන අනතුරුවලින්...

මේ අනතුරු බොහෝමයකට වගකිවයුතු වන්නේ එක්කෝ ප්‍රයිවට් බස් රථ පදවන්නෝ. එහෙමත් නැත්නම් සංගයක් නැති ත්‍රීවිලර් ඩ්‍රයිවර්ලා. මොවුන්ගේ නොසැලකිල්ල මොන තරම් බිහිසුණුදැයි කියනවා නම් ප්‍රයිවට් බස් රියදුරන්ගේ නොහික්මුණු ‘රිවස්’ එකට යට වී, ඔවුන්ගේම දරුවෝ බස් ටයර්වලට දිවි දෙති. 

අඹන්පොළ රේල් ගේට්ටුවෙන් කෝච්චියකට වෙට්ටුවක් දමා පනින්නට ගිය ත්‍රීවීල් රියදුරාට ද තමන්ගේ ජීවිතය පමණක් නොව, සිය බිරිඳගේ හා ළඟම ඥතීන්ගේ දිවි යාල්දේවි සීග්‍රගාමී දුම්රියට මේ නොබෝදා පූජා කරන්නට සිදුවිය. 

අද මහා මාර්ගවල වාහන තදබදයට බොහෝ දුරට වගකිව යුත්තේ ද ප්‍රයිවට් බස් රියදුරන් සහ ත්‍රීවීල් රථ රියදුරන් ය. තමන්ගේ ජිවිතය ගැන පමණක් නොව, රටේ මහා පාරවල ගමන් ගන්නා ජනතා‍ව ,තමන්ගේ වාහනයේ ගමන් කරන මගීන් තඹ දොයිතුවක්වත් මොවුන්ට වටින්නේ නැත. 


ප්‍රයිවෙට් බස් රියදුරන්ට ඕනෑ අනෙක් බසයට පෙර මගීන් පටවා ගන්නටය. රුපියල් දහයක් දොළහක් වෙනුවෙන් මොවුන් මහා මාර්ගවල පියාඹන්නට උත්සහ කරති. ගුවන් යානාවල මෙන් තටු සවිකර තිබුණා නම් නිසැකව මොවුන්ගේ වේගයට ප්‍රයිවෙට් බස් ගුවනින් ඉගිලී යනු 
නිසැකය. hesara-2 

මොවුන්ගේ නොක්මුණු, පාදඩ වාහන පැදවිල්ල නිසා ‍ දිනපතා අහිමි වන ජීවිතවලට වගකියන මොලෝ යකෙක් අපේ රටේ නැත. පසුගියදා අහිංසක දැරිවියක් පාසල් යන්නට ප්‍රයිවට් බසයට නැග ගත්තේ තම නැගණිය සමගය. 

දැරියන් දෙදෙනාට බසයේ පඩි තුනක් ඉහළට නගින්නට වේලාවක් ලැබුණේ නැත. ප්‍රයිවෙට් බස් ‘වල්ආසියා’ කනේ ඉයර්ෆෝන් දෙකක්ද ගසා ගෙන ‘ආතල්’ ගනිමින් ඉගිල්ලුනේය. පිටුපසින් තවත් බස් දෙකක් ලුහුබැඳ එයි. 

ඒ නිසා වේගය තවත් වැඩි කළේය. හරක් දෙන්නෙක් පාරට පැන්නාහ. මේ මාරයා, බසය පැමිණි වේගයෙන්ම දකුණට කැපුවේය. බසයේ පාපුවරුවේ සිටි දැරියන් hesara-3දෙදෙනා පුළුන් රොදක් මෙන් පාරට විසි වූහ. 

එහෙත් ප්‍රයිවට් බස් මාරයා එය දුටුවේ නැත. මගීන්ගේ කෑ ගැසීම නිසා බසය සෑහෙන දුරක් ගොස් නවතනු ලැබුවේය. ඒ වනවිටත් අහිසංක දැරියක් මොලොවින් සමුගෙන අවසන්ය. 

අඹන්පොළ, කිරිමැටියාව අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී 28 වැනිදා ත්‍රීවිලරය දුම්රියේ ගැටී මියගිය හය දෙනාගේ මරණ පිළිබඳ දර්ශන රූපවාහිනි නාලිකාවලින් ප්‍රදර්ශනය කෙරිණ. එය අනාරක්ෂිත දුම්රිය මාර්ගයක් බව ඇත්තකි. 

නමුත් එම දුම්රිය මාර්ගය දෙපස ඈතට මීටර් තුන්හාරසියයක් පමණ පැහැදිලිව දර්ශනය වෙයි. දුම්රියක් මෙවැනි ස්ථානයක් පසු කරන්නට පෙර නලාව හඬවයි. එසේ නොකළත් දෙපස පැහැදිලිව පෙනෙන නිසා දුම්රියක් පැමිණෙන බව නොපෙනී තිබෙන්නට බැරිය. 

දුම්රියේ මහා ඝො‍්ෂාව පවා හොඳින් ශ්‍රවණය වෙයි. ඒ වගේ තත්ත්වයක් තුළ ත්‍රීවිල් රියදුරා දුම්රිය පෙනි, පෙනී රේල් පාර හරහා රථය පදවන්නට ඇතැයි සැක කරන්නට කාරණා තිබේ. ඒ තමයි නොසැලකිල්ල. ඒ තමයි මාරයා. ඉතා නිරෝගි ජීවිත හයක් කුඩුපට්ටම් වී ගියේ ඒ නොසැලකිල්ල හේතුවෙනි. 

ත්‍රීවීල්hesara-5 රථ රියදුරන්ට ඕනෑ කරන්නේ යකඩ යකාටත් වෙට්ටු දමන්නටය. කෙලින් පාරේ පිම්මේ යන මොවුන් කිසිම සංඥාවක් නැතිව එක්වරම වමට හෝ දකුණට ත්‍රීවිලරය කපයි. අනෙක් පසින් ගමන් කරන වාහන තාප්ප, බොක්කු, කානු කඩාගෙන ගියත් මොවුන්ට වගේ වගක් නැත. 

එහෙමත් නැත්නම් පාර අයිනේ නවතා ඇති ත්‍රීවිලරය කිසිම සංඥාවක් නැතිව මහ පාරට කපයි. රාත්‍රි කාලයේ ‘හෙඩ්ලයිට්’ ගසා ගෙන පියාඹයි. ඉදිරියෙන් එන රියදුරන්ගේ ඇස් ලයිට් එලිය වැදී පොට්ට වුණත් මොවුන්ට කමක් නැත. මාර්ග නීති , රීති කිසිවක් පිළි නොපදියි. සමාන වෘත්තියේ යෙදෙන සෙසු රියදුරන් ගැනවත් හැඟිමක් මොවුන්ට නැත්තේ මොළේ නැතිකමින් ය. 

ප්‍රයිවට් බස් රියදුරන් සහ ත්‍රීවිල් රථ රියදුරන්ගේ සාමාජීය තත්ත්වය සලකා බලන විට පෙනී යන්නේ මොවුන් වැඩි පිරිසක් නිසි අධ්‍යාපනයක්, පවුල් පසුබිමක් නැති, ලිවීමේ සහ කියවීමේ ඌණතාවන්ගෙන් පෙළෙන බවයි. විරුකියාවෙන් ද බැට කන මේ තත්ත්වයේ පුද්ගලයන්ගේ පිහිටට තිබෙන පහසුම රැකියා මාර්ගයක් වන්නේ රියදුරු වෘත්තියයි. 

ඩ්‍රයිවින් ලයිෂන් එකක් ගත්ත පමණින් දක්ෂ, නීතිගරුක රියදුරෙක් බිහි වෙනවාද යන්න ගැන සොයා hesara-6බලන්නට කිසිම ආයතනයක් මේ රටේ නැත. ඩ්‍රයිවින් ලයිෂන් එකක් දිය යුත්තේ මොන වා‍ගේ පෙර පුහුණුවක් ලබා දීමෙන්ද යන කාරණාව ද සැලකිල්ලට යොමු වන්නේ නැත. 

රියදුරු පාසල් දහස් ගණනක් මේ රටේ තිබේ. තිබුණට ඒවා හරහා පුහුණුව ලබා දෙන පුද්ගලයන් බොහෝ දෙනා රථවාහන ධාවනය, නවතම මාර්ග නීතිරීති ගැන හොඳ අවබෝධයක් නැති, එම ගුරු වෘත්තියට කොහෙත්ම නොගැ‍ලපෙන පුද්ගලයන් වෙති.

ජරාව දෙතොත් ගුවන් යානා පදවන්නටත් ලයිෂන් ගත හැක. රටේ සිදුවන රථවාහන ඝාතන මැඬීමට ක්‍රමවේද සකස් කිරීමේ දැවැන්ත වගකීමක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට තිබේ. ඒ සඳහා බටහිර රටවල පවතින ක්‍රම සහ විධි අපේ රටට ඉතා වැදගත් බව පෙනේ. 

ඒ වගේම   මාර්ග නීති කඩන ත්‍රීවිල් සහ පුද්ගලික බස් ඩ්‍රයිවර්ලා දුටු තැන අල්ලා දඩ ගැසීම පොලිසියට පමණක් කරන්න පුළුවන් රාජකාරියක් ද නොවේ. ඒ සඳහා යුද හමුදාව මීටර් සියයෙන් සියයට දමා දඩ ගැසිය යුතු යැයි යෝජනා කරමි. වෙන කිසිවක් නිසා නොවේ. නිරෝගි මිනිසුන් පරලොව යැවීමත්, ඔවුන් කණුන් . අබ්බගාතයන් වීම වළක්වාලනු පිණිසත් ය.
 
Related Posts with Thumbnails