Ads 468x60px

.

ඉරණවිලටත් අද්භූත යානයක් ඇවිත්...

එකවර මා ඇහැරිලා බලද්දි විශාල එලියක් මා ආසන්නටයම එනවා දැක්කා... මම දිවිවා... 

එත් එක්කම මම ඊට නුදුරටින් හිටපු ගෝලයටත් කතා කළා... 

අපි පන එපා කියලා දිවිවා... අපි දුවන පැත්තටත් අහිරහස් යානය අවා... අපි හොදටම බයවුණා...

හලාවත ඉරණවිල අහසේ විශාල එළියක් සමඟ ගමන් කළ යානයක් ප්‍රදේශවාසින් විසින් නිරික්ෂණය කර තිබෙනවා. ඉරණවිල අමෙරිකන් හඬ ප්‍රදේශයට ආසන්නයේ ඉහළ අහසේ මේ යානය මුලින්ම දැක ඇත්තේ ඉස්සන් වගාකරුවකු වන පි. ප්‍රනාන්දු මහතායි.

ඔහු ඒ සමඟ ඔහු අත ඇති විදුලි පන්දම දල්වා නිවා ඇති අතර යානය ඔහු පසු පස හඹා ආ බවද ප්‍රනාන්දු මහතා පැවසිය. මේ යානය පුද්ගලයන් කිප දෙනෙක්ම දැක තිබෙනවා.

සිද්ධිය විස්තර කළ පී. ප්‍රනාන්දු මහතා... 


අමෙරිකන් හඬට ආසන්නයේ ඉස්සන් පොකුණ මා කරගෙන යනවා. සොරුන්ගෙන් ඉස්සන් බේරා ගැනීම සඳහා නොනිදා රාත්‍රිය පහන් කරනවා. අගහරුවාදා අලුයම 3ට පමණ අහසේ විශාල තරුවක් මුලින්ම දුටුවා ලස්සන නිසා මා බලන් හිටියා ටික වේලාවකින්
එය තරුවක් නොවන බව මට තේරුණා මගේ විදුලි පන්දම දල්වා එයට එල්ල කලා ඊට පසු විදුලි පන්දම දල්වලා නිවලා සංඥාවක් ලබා දුන්නා.

ඔය අතරේ මට පුටුව උඩම නින්ද ගියා. එකවර මා ඇහැරිලා බලද්දි විශාල එලියක් මා ආසන්නටයම එනවා දැක්කා. මම දිවිවා. එත් එක්කම මම ඊට නුදුරටින් හිටපු ගෝලයටත් කතා කළා අපි පන එපා කියලා දිවිවා අපි දුවන පැත්තටත් අහිරහස් යානය අවා. අපි හොදටම බයවුණා.



"ටෝච් එක අරගන මම ගැහුවා ඒකේ දිශාවටම ගහලා ටිකක් වෙලා තියන් ඉඳලා ටෝච් එක නිව නිව පත්තු කලා මම. ඊටපස්සේ මම ටෝච් එක ඕෆ් කරගන ඉඳගන හිටියා. එතකොට ඊට පස්සේ මට විනාඩි 15-20ක් විතර නින්ද ගියා.

එක පාරටම බය වෙලා වගේ ගැස්සිලා වගේ මම ඇහැරුනා. බලනකොට ඒක මම ඉන්න දිහාට එනවා. මේක යානයක් වගේ. ඒත් හැඩේ පෙනුනේ නෑ. මම ටෝච් එක අරගන ගහලා දුවන්න ගත්තම මේක එනවා ටෝච් එලියට වේගයෙන්.

ඊට පස්සේ මම ටෝච් එක නිවලා දුවන්න ගත්තා. මම මේ යාබද හිටපු එක්කෙනාටත් කතා කරලා කිව්වා. ඊට පස්සෙ එයත් නැඟිටලා බලනකොට මේක නැතුව ගියා එක පාරටම.

අරයා ටෝච් එක එහෙට මෙහෙට ගහන්න ගත්තම ආයෙත් එළිය මතුවුණා ලයිට් දාගන ලඟම වගේ. ඊට පස්සේ එයත් කලබල වුනා මේක කොහෙ හරි පිට යානයක් කියලා. අපිත් දුවමු දුවමු කියලා දිව්වා. ඊට පස්සේ කැලේ වගෙ හරියක් තියනවා.

මේක අපි දුවපු පස්සෙන්ම ආවා ටෝච් එක ගහගන ආපු තැනට එනකම්. ඊට පස්සේ මේක නවත්තගන එක තැන තියාගන ඉන්නවා.

ලයිට් එළියක් බිමට වැටෙන්නේ නැහැ. පාන්දර 5.45 වෙනකම් තිබුනා එකම තැන. 5.40 විතර වෙද්දී මේක ටික ටික පස්සට යන්න ගත්තා. උඩ ගියාට පස්සේ මට කල්පනා වුනා අරයගේ ෆෝන් එක තියනවා කියලා හට් එකේ. අරයා දුවගන ගිහිල්ලා ෆෝන් එක අරගන ඇවිල්ල අපි ගත්තා වීඩියෝ එකක්.

යානයේ හැඩය පේන්නේ නෑ ලොකූ එළියක් තියෙන්නේ ගිනි එළිය වගේ. වටේ ලස්සන දම් පාට කැරළි කැරළි හැම වෙලේම එලිය යනවා එහෙට මෙහෙට යනවා රත්තරන් පාටට."


පස්සේ එතන හිටපු දෙන්නෙකුටත් යානය පෙන්නුවා. අපි හැංගුනාම පස්සේ යානය ඉහළ අහසට නැවත ගියා.  

 

එම පුද්ගලයාගේ බිරිඳ එම සිද්ධිය විස්තර කරන්නේ මෙලෙසින්.
"මහත්තයා 5.45 ට විතර මට කතා කරලා කිව්වා එළියට ගිහින් බලන්න කියලා ලයිට් එළි දෙකක් තියනවා කියලා.

ඊට පස්සේ මම එළියට ඇවිල්ලා බලනකොට සෑහෙන්න දුර ගිහිල්ලා අහසේ මට්ටමටම වගේ. ඒ වෙලාවේ ලයිට් එළි දෙකක් විතරයි තිබුනේ."

මෙම යානය ගුවන් හමුදා රේඩාර් පද්ධතියේ සටහන්වූ බවක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි ගුවන් හමුදා මාධ්‍යය අංශය පවසන්නේ.


සත්‍ය ලෙසම මෙය කුමක් විය හැකිද?අපි මෙහිදී අමතක නොකළ යුතු දෙයක් වන්නේ මෙම අත්භූත ආලෝකය දුටු බව කියන ඉස්සන් ගොවිපලට යාබදව පිහිටා ඇත්තේ ඇමරිකන් හඬ ගුවන් විදුලි මධ්‍යස්ථානය බව.

එමෙන්ම මෙය දර්ශණය වී ඇත්තේ පසුගිය පෝය දිනයේ අළුයම වීමත්,එදින සවස සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව ගුවන් ගත කළ දිනය බවද අප අමතක නොකළ යුතුය.සත්‍ය ලෙසම මෙය කුමක්ද?එය තවත් අභිරහසක් පමණක් බවට පත්වේවිද?

මෙම සිද්ධියට මුහුණ පෑ පුද්ගලයා විසින් ජංගම දුරකතනයෙන් ලබාගත් ඉරණවිලට පැමිණි යානයේ වීඩියෝව පහතින්....

 
 
Related Posts with Thumbnails