Ads 468x60px

.

ජනාධිපති අගවිනිසුරුවරියගේ නීතිඥයාට දුරකථන ඇමතුමක් දීලා මොනවද කිව්වේ...

අගවිනිසුරුවරියට එම තනතුරින් ඉල්ලා අස්වන ලෙස දැනුම් දෙන්න...

ජනාධිපතිගෙන් නීලකන්දන් මහතාට කාරුණික ඉල්ලීමක්...

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (06) රාත්‍රියේ අගවිනිසුරුවරියගේ නීතීඥවරයකු වන නීලකන්දන් මහතාට දුරකථන ඇමතුමක් ලබාදෙමින්, අගවිනිසුරුවරියට එම තනතුරින් ඉල්ලා අස්වන ලෙස දැනුම් දෙන්නයි කාරුණික ඉල්ලීමක් කර තිබෙන බව වාර්තා වෙනවා.

තමන් දෝෂාභියෝග චෝදනා කියවූයේ ඒ මොහොතේ බව පවසා ඇති ජනාධිපතිවරයා, එම කරුණු දෝෂාභියෝග ගෙනඒමට තරම් ප්‍රමාණවත් නොවන ඒවා යැයි නීතිඥයාට පවසා තිබෙනවා.

එසේ වුවද ඒවා විභාග කිරීමේ ක්‍රියාවලියක් ඇරඹී ඇති බැවින් ආපසු හැරිය නොහැකි බවත්, එබැවින් අගවිනිසුරුවරියට ඉල්ලා අස්වන ලෙස පවසන ලෙසත් නීතීඥයා ගෙන් ඉල්ලා තිබෙනවා.

එසේ කරන්නේනම් ඇයට හා සැමියාට එරෙහිව ඇති නඩු අස්කර ගැනීමට කටයුතු කළ හැකි බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසු බවත් වාර්තා වෙනවා.



අගවිනිසුරුවරියට ඉල්ලා අස්වන ලෙසට ආණ්ඩුවේ අනුදැනුම ඇතිව පසුගිය දා අපහාසාත්මක පත්‍රිකා සහ පෝස්ටර් ප්‍රදර්ශනය කෙ‍රුණු අතර මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් විරෝධතා උද්ඝෝෂණද සංවිධානය කර තිබුනා.
 
Related Posts with Thumbnails